මනූෂ නානායක්කාර මහතාගේ සහෝදරයකු අත්අඩංගුවට

මනූෂ නානායක්කාර

හිටපු විදේශ අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තු මගින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

පුද්ගලයකු පින්ලනතයට යවන බවට පවසා රුපියල් ලක්ෂ 30 කට ආසන්න මුදලක් වංචා කිරීමට අදාළව එම පුද්ගලයා කරන ලද පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි පවසන්නේ.

මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මක වන බවට තොරතුරු වාර්තා වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *