මත්පැන් නිෂ්පාදකයින්ට හිඟ බදු ගෙවීම සඳහා අවසන් නිවේදන නිකුත් කර ඇති බව සුරා බදු දෙපාර්තමේන්තුව පවසනවා. මේ මස 30 වැනිදාට පෙර හිඟ මුදල් අනිවාර්යෙන් ගෙවිය යුතුය. හිඟ බදු ගෙවීම සඳහා සමාගම් 10 කට ආසන්න සංඛ්‍යාවක් සිටී. එම සමාගම් රුපියල් බිලියන 08.5 මුදලක් ගෙවීමට ඇති බවසුරා බදු දෙපාර්තමේන්තුව පවසනවා. 2023/2024 කාලසීමාවෙ පමණක් ගෙවීමට ඇති හිග බදු ප්‍රමාණය රුපියල් බිලියන 01.8 ආසන්න වනවා . මේ මස 30 පෙර එම මුදල් නොගෙවන සමාගම් වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව සුරා බදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
Related Posts
සහල් ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක්
ඡන හමුවක් අමතමින් පළාත් සභා පළාත් නියෝඡ්‍ය ඇමති රුවන් සෙනරත් මහතා පැවසුවේ මේ වනවිට මෙරට අත්‍යාවශ්‍ය භාණ්ඩවල හිඟයක් පවතින බවයි.…
මනූෂ නානායක්කාර මහතාගේ සහෝදරයකු අත්අඩංගුවට
හිටපු විදේශ අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තු මගින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර මුල්‍ය වංචාවක්…
පැය 24 තීරණාත්මකයි ඉදිරි කාලගුණ වාර්තාව මෙන්න
ඉදිරි පැය 24ක කාලය තුළ දී බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ වැඩි අවස්ථාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව…