මත්පැන් බලපත්‍ර පෙත්සමට හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වගඋත්තරකරුවෙකු කර තිබෙනවා.එවක මුදල් අමාත්‍ය ධූරයද දැරූ රනිල් වික්‍රමසිංහ මහතා මත්පැන් බලපත්‍ර අත්තොනෝමතික ලෙස නිකුත් කිරීම නිසා ඒ තුළින් මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සිදු ව ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.
දැනට ලැබෙන ආරංචි මාර්ග වලට අනුව මහනුවර ප්‍රදේශයේ මත්පැන් ව්‍යාපාරයේ යෙදී සිටින දෙදෙනෙකු විසින් මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබෙනවා.
එම පෙත්සමට අනුව වගඋත්තර කරුවන් ලෙස නම් කර තිබෙන්නේ
- හිටපු ජනපති සහ හිටපු මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ.
- හිටපු සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්. ජේ. ගුණසිරි.
- මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා.
- නව වෙළද අමාත්‍ය වසන්ත සමරසිංහ.
- අල්ලස් කොමිසමේ සභාපතිවරයා සහ එහි සාමාජිකයන් 39ක් නම් කර තිබේ.
පැවති 2024 ජනාධිපතිවරණයේදී දේශපාලනික වාසි ලබා ගැනීමේ වක්‍ර චේතනාවෙන් මෙම බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කර ඇති බවත් එලෙස නිකුත් කරන ලද බලපත්‍ර අත්තොනෝමතික ලෙස හා සුරාබදු පනතේ නීතිරීති උල්ලංඝනය කරමින් ලබා දී ඇති බවට පෙත්සම් කරුවන් චෝදනා ගොනු කර තිබෙනවා.