සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ඡාවාරම් මෙහෙයවන්නෙකු ලෙස හැදින්වෙන අර්මාහන්දි ඡනිත් මධුසංඛ හෙවත් පොඩි ලැසී අම්බලන්ගොඩ පොලීසිය විසින් මුල් වරට අත්අඩංගුවට ගෙන තිබුනේ 2016 වසරේදීය.
ඒ රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාව සිටි මනෝඡ් මෙන්ඩිස් නැමැත්තාගේ ඝාතන චෝදනාව සම්බන්ධයෙන්. අනතුරුව අවස්ථා කිහිපයකදීම මනුෂ්‍ය ඝාතන, ගිනි අවි සන්තකයේ තබා ගැනීම් සහ මත්ද්‍රව්‍ය ඡාවාරම් ආදී සිදුවීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පොඩි ලැසී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැදවුම් භාරයේ සහ රක්ෂිත බන්ධනාගාර ගතව පසුවුණා.
එහීදී, 2020 වසරේ බූස්ස බන්ධනාගාරයේදී බන්ධනාගාර නිලධාරීන් පිරිසකට මරණ තර්ඡන එල්ල කිරීම සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාට ද තර්ඡනය කිරීම සම්බන්ධයෙන් පොඩි ලැසීට එරෙහිව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කෙරුණා.
මෙවැනි පසුබිමක පොඩි ලැසී රක්ෂිත බන්ධනාගාරගතව සිටීමට හේතු වූ බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු කටයුත්තකට අදාළව 2018 වසරේදී ඔහුට ඇප නියම වී තිබුණද එතැන් සිට මේ දක්වා ඇප කොන්දේසි සම්පූර්ණ කර බන්ධනාගාරයෙන් පිට වීමට පොඩි ලැසී කටයුතු කර තිබුනේ නැහැ.
කෙසේ වෙතත් අද පෙරවරුවේ සිය නීතීඥයින් මාර්ගයෙන් බලපිටිය මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් වූ පොඩි ලැසී අධීකරණය මඟින් නියම කර තිබූ රුපියල් ලක්ෂයක මුදල් ඇපය සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙක තැන්පත් කර සම්පූර්ණ කළා. අනතුරුව වසර අටකට පසු අර්මාහන්දි ඡනිත් මධුසංඛ හෙවත් පොඩි ලැසී බන්ධනාගාරයෙන් පිටතට පැමිණියා.