ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්යංශය සඳහන් කළේ සුරාබද්ද 6%කින් ඉහළ දමා ඇති බවයි . මත්පැන් වර්ග ගණනාවකට අදාළව කාණ්ඩ කිහිපයක් යටතේ සුරබදු සංශෝධනය සිදුවන අතර දළ වශයෙන් මත්පැන් බෝතලයක මිලහි සියයට හයක පමණ වැඩිවීමක් සිදු වනු ඇති බවයි වාර්තා වන්නේ. බියර් බෝතලයක මිල ද රූපයල් හත්සිය අසූවේ සිට රුපියල් 820ක් දක්වා රුපියල් 40 කින් වැඩි වී තිබෙනවා. ඊට අමතරව බියර් ටින් එකක මිල රුපියල් 680 සිට හත්සිය දහය දක්වා රුපියල් තිහකින් වැඩි වී ඇති බවයි වාර්තා වන්නේ.
මීට අමතරව අද සිට ක්රියාත්මක වන පරිදි දුම්වැටි මිල ද ඉහළ දමා තිබෙනවා. එය කාණ්ඩ හතරක් යටතේ දුම්වැටියක මිල රුපියල් පහකින් සහ රුපියල් දහයකින් වැඩි වනු ඇති. රුපියල් තිස්පහක්ව පැවති දුම්වැටියක් රුපියල් හතළිහක් දක්වාත් රුපියල් සියයකට පැවති දුම්බැටියක් රුපියල් 105ක් දක්වා මිල වැඩි කර තිබෙනවා. මීට අමතරව රුපියල් 150කට පැවතිය දුම්වැටියක මිල රුපියල් එකසිය හැටක් දක්වාත් රුපියල් 160 පැවතී දුම්වැටියක් රුපියල් 170ක් දක්වාත් මිල ඉහළ ගොස් තිබෙනවා.