බිමල් රත්නායක මහතා අද ( 04 ) පාර්ලිමේන්තුවේදී දැක්වූ අදහස්…
ගරු කතානායකතුමනි රෝහණ විජේවීර සහෝදරයා ගැන එක්සත් ජාතික පක්ෂයේ හිටපු දැන් සජෙබේ ඉන්න ගරු මැතිතුමන්ලා විජේවීර සහෝදරයා ගැන කතා කළා . ඉතිං ඒ පිළිබඳව මට හැඟීම්බර අදහසුත් ඇති වෙන බව බිමල් රත්නායක මහතා පැවසුවා.
නමුත් අපි කියන්න කැමතියි අපි විජේවීර නාමය සමග සෙල්ලම් කරන්නේ නැහැ. ඔහුගේ ඝාතකයා ඔහුගේ ඝාතකයන්ම පෞද්ගලික වධකාගාර පවත්වාගෙන ගිය පුද්ගලයන්ම අද ඇවිල්ල කියනකොට ජාතික ජන බලවේගය පාර්ශව කරුවක වන ජනතා විමුක්ති පෙරමුණ විජේවීර සහෝදරයාගේ නම කියන්නේ නැහැ කියලා ඒ මිනීමරුවන්ම කියනකොට අපිට ටිකක් වැඩිපුර දැනෙනවා කතානායකතුමනි.
අපි හිතනවා විජේවීර සහෝදරයා ඇතුළු ඒ මිය ගිය මරා දමන ලද දස දහස් ගණනක් ඒ ශ්රී ලංකාව නිර්මාණය කරපු ඒ මිනිස්සුන්ට සාධාරණය ඉෂ්ඨ කරන්න ජනතාව පටන් අරන් තිබෙනවා. ඒක තරුණයෙක් අඬා අඬා කිව්වා සහෝදරයා ඔයගොල්ලො අවුරුදු පනහක් අල්ලගෙන හිටපු එකට ස්තුතියි.
ඕගොල්ලෝ හින්දා තමයි අපේ හීන තියෙන්නේ කියලා.අපි සතුටු වෙනව ඒ හීන රකින්න පුළුවන් තත්ත්වයකට පත්වෙලා තියෙනවා . අපි උද්දාමයට පත්වෙලා නෑ. පොඩ්ඩක්වත් ඔලුව ලොකු කරගෙන නැහැ අපිට මේවා වගකීම් විතරක් බව බිමල් රත්නායක මහතා පැවසුවා.