බැසිල් රාජපක්ෂ මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සතුව ඇමරිකා එක්සත් ජනපදයේ තිබෙන ඇතැම් දේපළ පිළිබඳව මීට මං හිතන්නේ අවුරුදු කීපයකට කලින් මම පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය නාලිකාවකට කරන ලද ප්‍රකාශයකට අදාළ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා තමයි අද මට එන්න කියලා තිබ්බේ .
නැවත එන්න දැනුම් දීමක් කළේ නෑ. මම ඒ ප්‍රකාශය සම්බන්ධව මගේ පැහැදිලි කිරීම කළා. ඒ වගේම නීතිඥ මහත්මයෙක් හැටියට උදය ගම්මන්පිළ මැතිතුමා ඒ සඳහා සම්බන්ධ වුණා . ඒ වගේම අපි ඒ ප්‍රකාශයට අදාළ ඇතැම් ලිඛිත තොරතුරු අපි සතුව තිබුන ඇතැම් ලිඛිත තොරතුරු පොලිසි නිලධාරීන්ට භාර දුන්නා .
ඒ අපි භාර දීපු ලිපි ලේඛන අනුව නම් අසාමාන්‍ය ධනයක් මං හිතන්නේ සම්පූර්ණ ධනය වෙන්න බෑ. ඒ ඒ ප්‍රමාණෙත් විශාල ධනයක් බවට කියලා කියන්න පුළුවන්. බැසිල් රාජපක්ෂ වෙන රස්සවක් කරේ නැහැනේ . ලංකාවේ කරපු රස්සාවනේ කරේ. ලංකාවේ කරපු රස්සාවේ හම්බ කරපු දේවල් වලින් ඇමෙරිකාවේ දේපල තියෙනව නම් තීයෙන්නේ . එයාගේ දුවගේ නමින් එයාගේ බිරිඳගේ නමින් එයා එයාගේ නමින් එයාගේ පුතාගේ නමින් එයාලගේ බෑණලගේ නමින් තියෙන ඒවා මේකෙ නෑ. අර කට්ටියගේ නමින් තියෙන සමහර තොරතුරු අපි දුන්නා. අපි ගාව තියෙන තොරතුරු .අපි ගාව නැති තොරතුරු ඇති . ඒවා හොයන්න අවංක උවමනාවක් තිබෙනවා නම් මේ ආණ්ඩුවට බොරුවට හොරු අල්ලනාවෝ අල්ලනාවෝ කියල වැඩකට නැති හාල්මැස්සෝ උස්සන් යන් නැතිව
නියම හොරු අල්ලන්න ඕන නම් ඇමරිකා එක්සත් ජනපදයේ බැසිල් රාජපක්ෂගේ දේපළ ටික හරියට හොයලා ගත්තොත් අන්න කවුද හොරා කියල ලංකාවටම ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් . එහි දේපළ තියෙනවා නම් ඉතින් මුදල් මෙහි තියෙන විදියක් නෑනේ. මෙහෙත් මුදල් ඇති සමහරුන්ගේ නමින් ඒවා අපි දන්නේ නෑ අපි කියන්නේ එහේ තියෙන දේපළ ගැන අපි මේ කතා කරන්නේ .
අපෙන් ඇහැව්වේ බැසිල් රාජපක්ෂ ගැන . අපි උත්තර දුන්නේ බැසිල් රාජපක්ෂ ගැන . දන්න ඔක්කෝම එක පාර කියන්න ඕන කමක් නෑනේ. මුලින් බැසිල් රාජපක්ෂ ගැන කියල බලනවා. ඒගොල්ලෝ ගන්න ක්‍රියාමාර්ග දිහා හොඳ විමර්ශනාත්මක බලනවා. ඇත්තටම පරීක්ෂණ සාධාරණව නිවැරදිව වෙනවනම් තව දන්න දේවල් තියෙනවා නම් ඉතුරුවත් කියනවා .
මම කරපු ප්‍රකාශයක් ගැන මේ රහස් පොලිසියට අවශ්‍ය වුනා වැඩිදුර මේ විස්තරයක් ගන්න. මම ඒ විස්තරේ ඇවිල්ලා දුන්න එච්චරයි . මුදල් විශුද්ධිකරණය ගැන තමයි මගේ ප්‍රකාශය තිබ්බේ. ඒ මුදල් විශුද්ධිකරණයට අදාළ මං කියපු කරුණු ගැන තමයි ප්‍රශ්න කලේ. ඒවට තමයි උත්තර දුන්නේ.
අර්ජුන මහේන්ද්‍රන් කියන්නේ සිංගප්පූරු රට වැසියෙක් ද්විත්ව රට වැසියෙක් නෙවෙයි. බැසිල් රාජපක්ෂ කියන්නේ ද්විත්ව රටවැසියෙක්. ඇමෙරිකානු සහ ශ්‍රී ලංකා. ද්විත්ව රට වැසියෙක් එතකොට අර්ජුන මහේන්ද්‍රන්ට බලපාන නීතියට වඩා වෙනස් බැසිල් රාජපක්ෂට බලපාන නීතිය .
හරි ක්‍රියාමාර්ග ගනියිද නැද්ද කියලා බලන්නනේ අපි මේ හදන්නේ . ඒක තේරුම් ගන්න එපැයි. එක චෙක් කරගන්න එපැයි. ඒක චෙක් කරගත්තමනේ හරියට අපිට තේරෙන්නේ මේගොල්ලෝ කාගේ කාගේත් මේ මේ කතාව විතරයි වෙන වැඩක් වෙන්නේ නෑ කියලා. ඇමෙරිකාව වුණත් මං හිතන්නෑ බැසිල් රාජපක්ෂ ගැන තියෙන තොරතුරු හංගන්න ඕනකමක ඉඳී කියලා. ඒ තොරතුරු ඒගොල්ලෝ දුන්නොත් වැඩි කල් යන්න කලින් විමර්ෂණ ආරම්භ කරන්න පුළුවන් .