විපක්ෂ නායකතුමා බස් දුන්න එක මැතිවරණයෙන් පසු නතර නොකර දිගටම බස් රථ ලබා දීම සිදු කළා නම් මෙය දේශපාලන වැඩපිළිවෙලක් නොවන බවට පිළිගැනීමට හැකි බව හඳුන්නෙත්ති ප්‍රකාශ කළා .
සජිත් ප්‍රේමදාස මහතාට මුදල් ලබා දුන් මිත්‍රයන්ගෙන් මුදල් ඉල්ලා ගෙන මේ වැඩ පිළිවෙල දිගටම කර ගෙන යන ලෙස ද ඔහු ඉල්ලීමක් කළා. නව ආණ්ඩුවක් තිබෙනවා කියා එම වැඩපිළිවෙල නතර නොකරන ලෙස ද ඉල්ලමක් සිදු කළා.
මේ වැඩපිළිවෙල දිගටම සිදු කල හොත් මේ බස් දේශපාලන බස් නොව සජිත් ප්‍රේමදාසගේ ඇත්තම බස් තමයි මේ දීලා තියෙන්නේ දරුවන් වෙනුවෙන් කියා සිතිය හැකි බව ඔහු ප්‍රකාශ කළා.