“මේ රටේ ඡනතාව බලාපොරොත්තු වුණේ දූෂණය, වංචාව, හොරකම වළක්වන දඩුවම් දෙන රටක් නිර්මාණය කරන්නයි ඡන්දේ දුන්නේ. නැතුව මේ බස් වල තියෙන මිදි වලු ගලවන්නවත්, බස් වල තියෙන බුදු පිළිම ගලවන්නවත්, අර ත්‍රීවිල් එකේ තියෙන කණ්නාඩි අයින් කරන්නවත් නෙවෙයි දුන්නේ. මං හිතන්නේ යහපාලන ආණ්ඩුවේ දූෂණ විරෝධි කමිටුවේ හිටපු සභාපතිවරයා දැන් රටේ ඡනාධිපති. දූෂණ විරෝධි කමිටුවේ හිටපු ලේකම් දැන් රටේ පොලිස් ඇමති. ෆයිල් ටිකත් තියෙනවා. කාරණාත් දන්නවා. අපි කියනවා ඒකට පොරොන්දු වෙලා ආවා නම් කරුණාකරලා ඒ දේ කරන්න. අපිත් උදව් කරනවා.”
රංඡිත් මද්දුමබණ්ඩාර – පාර්ලිමේන්තු මන්ත්‍රී – සමගි ඡන බලවේගය
“රංඡිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීතුමා සඳහන් කළා අපේ ගරු ඡනාධිපති අනුර කුමාර දිසානායක මහතා දූෂණ විරෝධි කමිටුවේ සභාපති හැටියට හිටියයි කියලා. ඒක අසත්‍ය ප්‍රකාශයක්. මේ සභාව නොමඟ යවන සුළු ප්‍රකාශයක්. එහෙම කොහෙවත් කමිටුවක එතුමා සභාපති විදියට හිටියේ නෑ. මම දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂකවරයා හැටියට කටයුතු කළා. ඒක වෙනම කාරණයක්. මේ රඡය අල්ලස, දූෂණය, වංචාව, මූල්‍ය අවභාවිතය පිළිබඳ විමර්ෂණ කිසිවක් නතර කරලා නෑ. ඒ සියල්ල ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා. ඔබට තව මාසයක් එකහමාරක් විතර ඉවසාගෙන ඉන්න පුළුවන් නම්, ඒවගේ ප්‍රතිඵල බලාගන්න පුළුවන්. ඒවා දේශපාලනීකරණය වෙලා නෑ.”
NPP – පා.ම