බලයට එන්නේ ජනසෙත පෙරමුණේ අපි

මාධවේදීන්ගේ කර උඩින් මාධවේදීන්ට සහන සලසමින් මාධ්‍යවේදියාගේ ගරුත්වය ආරක්ෂා කරමින් දැන් ජාතික ජන බලවේගය වේදිකාවට ඇවිල්ල තුනෙන් දෙකක බලයක් ගත්තා .

ඇත්ත වශයෙන්ම මේ තුනෙන් දෙකකට වඩා බලයක් ගැනීමට හේතුව මොකක්ද? මේ තත්වෙට එන්න ගරු ටිල්වින් සිල්වා මැතිතුමා පුදුමාකාර විදිහට කැපවීමක් කරා.

ජාතික ජන බලවේගයත් ජනතා විමුක්ති පෙරමුණත් මේ දෙක ඒකරාශී කරගෙන ඉදිරියට ගෙනා මහමොලකරු තමයි ටිල්වින් සිල්වා. ඔබතුමාට මේ අවස්ථාවේදී සුභ පතනවා .

තමුන්නාන්සේලාගේ මේ වේදිකාවට ගෙනාපු උගත් බුද්ධිමත් මේ සියලු දෙනාට හොඳ අමාත්‍යාංශ දීලා. අපි දකිනවා ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් රටට හොඳ සේවාවක් කරයි කියලා. නමුත් දැන් ලහි ලහියේ මේ මාසේ අයවැය එන්න ඕනේ.

නමුත් අයවැය සම්බන්ධ කතාවකුත් නෑ,. ජනතාවට අයි.එම්එෆ් එකෙන් ගත්ත මුදල්වලින් ණයවලින් සහන සලසනවාද කියන එක අපි වත්මන් රජයේ අලුත් ඇමතිවරුන්ගෙන් අහන්න කැමතියි.

දැන් අපි දැක්කා පරිණත දේශපාලඥයෝ හා විශාල සංඛ්‍යාවක් ගහලා පැන්නුවා එළියට. එක්තරා කුරුණෑගල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් කියනවා මේ පරාද වීමට හේතුව යෝධ පක්ෂ කියලා.

හත්වලාවේ මේ දෙයියෝ සාක්කි තමුන්නා දැන ගන්න එපැයි යෝධ පක්ෂය කියන්නේ පට්ට පල්හොරු ටිකක්නේ .හොරු ටිකම පාර්ලිමේන්තු එවන්ටද කියන්නේ ජනතාවට? ආපස්සට කාල කාලා කාලා විනාස කරන්න.

රටම කාලා ගෙඩියේ පිටින් රටම කාපු අය නැවත වරක් පාර්ලිමේන්තුවට ගෙනල්ලා කනවා කනවා කියන්නද මේ සූදානම. මේ කරපු කර්තව්‍යයට ජනතාවත් නිසි පිළිතුරු දීලා තියෙනවා.

ජාතික ජන බලවේගයේ එදා තුනක් හිටපු කට්ටිය අද එකසිය ගානකට වඩා ආව. ඉතින් ඒ තත්වෙට එන්න පුළුවන් වුනේ යෝධ පක්ෂ කරපු නාඩගන් නිසා.

මංකොල්ල කාපු නිසා . රට වට්ටපු නිසා. රට අගාධයකට යැව්ව නිසා තමයි ජනතාව තීරණය කරේ .

අපි තවත් පක්ෂයකට යන්න හැබැයි මතක තියාගන්න ජාතික ජන බලවේගයෙන් පස්සේ යම් පක්ෂෙකට එනවා නම් ඒ ජනසත පෙරමුණ පක්ෂයේ පමණයි.

අපි ළඟ හොරු නෑ මිනීමරුවෝ නෑ . වංචාකාරයෝ නෑ . දුෂකයෝ නෑ . ඊළඟට අපි තමයි බලයට එන්නේ කියන එක මතක තියාගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *