බන්දුල ගුණවර්ධන රට හැරදා ඉන්දියාවට යයි

බන්දුල ගුණවර්ධන

බන්දුල ගුණවර්ධන පැවසුවේ ආචාර්ය උපාදිය සදහා මම අනගාරික ශ්‍රිමතුන්ගේ ආර්ථික චින්තනය පිළිබද අධ්‍යනයක් කරනවා. ඒ සදහා බරණැස එතුමාගේ පුස්තකාලය භාවිතා කිරීම සදහා 3 වන දා මම දිවයිනෙන් පිටත්ව යනවා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල , ණය ප්‍රතිව්‍යුහ ගත කරණය සදහා වන ජාතික වැඩසටහනක් රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් අපි සකස් කරලා රටට ඉදිරිපත් කළා. ඉදරිපත් කරලා ඒ අන පනත් පාර්ලිමේන්තුවේ සම්මත කරලා තිබෙනවා. එයින් විශේෂ පනත තමයි ආර්ථික පරිවර්තන පනත.

බන්දුල ගුණවර්ධන පැවසුවේ 2042 වෙනකන් ඒ පනතේ තිබෙන රට සංවර්ධන නියමයන්ට අනුව ආණ්ඩු කළොත් රට 2048 වන විට එක පුද්ගල අදායම ඩොලර් 20 000 ට වැඩි සංවර්ධිත ලස්සන දියුණු රටක් බවට පත්වනවා . එක නිසා පනත තිබෙනවා 2024 අංක 45 දරණ ආර්ථික පරිවර්තන පනත පනතේ සදහන් කරුණු ඒ ආකාරයෙන්ම ඉෂ්ට කරහම ඒ අරමුණට යන්න පුළුවන්.

ඉතින් එය කල හැකි බව සහ ඒ අවශ්‍යතා සියල්ල කරන බව පවසලා තමයි රජය බලය ලබා ගත්තේ. අවශ්‍ය වෙනස්කම් කිරීමේ පූර්ණ බලය රටේ ජනතාව දීලා තිබෙනවා. ඒ අනුව ඒවා කරනවාද කියල නිරීක්ෂණය කරමින් බලා ගෙන හිදිම තමයි මේ කාලයේ අපි කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *