බන්දුල ගුණවර්ධන දෙවන වතාවටත් ඇතුළට කැදවයි

බන්දුල ගුණවර්ධන

සීනි බදු වංචාවට හිටපු ඇමති බන්දුල ගුණවර්ධන අද සී අයි ඩි යට . මීට පෙරාතුව කේහෙළිය රඹුක්වැල්ල මහතා සම්බන්ධයෙන් පවතින්නාවූ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුත්තට සාක්ෂියක් ලබා දීම සදහා ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සී අයි ඩි යට පැමිණියා.

ඔහු ඉන් පිටතට පැමිණ සඳහන් කළේ සංසාරේ ප්‍රථම වතාවට මෙලෙස සී අයි ඩි යට පැමිණි බවයි. දැන් සංසාර ගමනේ දෙවන වතාවටත් එතුමාට CID යන්න වෙලා තිබෙනවා කට උත්තරයක් ලබා දීමට.

සීනි සඳහා ලබා දී තිබූ රුපියල් පනහේ සීනි බද්ධ සත 25 දක්වා අඩු කිරීමෙන් රජයට ලැබිය යුතු ආදායම් සහ මහජනතාවට ලැබිය යුතු ප්‍රති ලාභ අහිමිවීමට අදාළ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුගෙන් මෙසේ ප්‍රකාශ සටහන් කරගන්නා බවයි මූල්‍ය හා අපරාධ විමර්ශන අංශයේ සඳහන් කර තිබෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *