වව්නියාවේ ඊයේ පැවති අවසන් මැතිවරණ ප්රචාරක රැළි අතර තුර බදියුදීන් මහතාගේ සහ කාදර් මහතාගේ ආධාර කරුවන් අතර උණුසුම් වාතාවරණයක් හටගෙන තිබුණා .
මෙහිදී ඇති වූ ගැටුම්කාරී අවස්ථාවේදී තුවාල ලබා දෙදෙනෙකු රෝහල් ගත කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.
වාර්තා වන ආකාරයට මෙම ගැටුම් කාරී අවස්ථාවට හේතු වී ඇත්තේ කාදර් මහතාගේ ප්රචාරණ රැළියක් ආසන්නයෙන් බදියුදීන් මහතාගේ ආධාරකරුවන් රැගත් වාහන කිහිපයක් ගමන් කිරීමයි. රිෂාඩ් බදියුදීන් මහතා ද එම වාහන තුල සිට ඇති අතර ඔහුගේ වාහනයටද දැඩි අලාභ සිදු වී ඇති බවට වාර්තා වේ .