දිලිත් ජයවීර මැතිතුමා ගම්පහට ඇවිල්ලා රෙදි ගලව ගෙන ගියයි කියලා කියපු නාමල් රාජපක්ෂගෙන් ( පොහොට්ටුවේ ) අහන්ට කැමතියි එතුමගෙන් හැට නම ලක්ෂයක් එහෙම නැතිනම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් තිබිලි තුනට බැස්සහම ද රෙදි ගැලවෙන්නේ එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ නියෝජනයක් නොතිබී එක නියෝජනයක් ලැබුණහමද රෙදි ගැලවෙන්නේ කියලා එතුමගෙන් අහන්ට කැමතියි.
අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපි භාවිතා කරන භාෂාවෙන් නම් පොහොට්ටුවට කිසිදු විදිහකින් අවලාද කරන්න කැමති නැහැ . අපි ඒ පක්ෂය බිහි කිරීම සඳහා දායක වෙච්චි අය. ඒ වගේම එතුමට මං මතක් කරන්න කැමතියි මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග මහින්ද සුළඟ ආරම්භ කරලා පොහොට්ටුව බිහි කරන කොට නුවර රැස්වීම තියෙන කොට ඔය පොහොට්ටු කාරයෝ කවුරුත් හිටියේ නෑ.
වේදිකාවට නගින්න හිටියේ දිලුම් අමුණුගම විතරයි කියලා මතක් කරන්න ඕනේ. ඒ නිසා ඒ අයගේ රෙදි ගැලවුණේ එදා මිසක් අද නෙවෙයි කියන කාරණය මතක් කරන්න අවශ්‍යයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකතුමා මා මිත්‍ර නාමල් රාජපක්ෂ මැතිතුමාට මතක් කරන්න අවශ්‍යයි ඔය තුනෙන් දෙක තුනට බැස්සෙත් එවැනි කණ්ඩායම් එක්ක කටයුතු කිරීම නිසා.
මම එකයි කිව්වේ එක සැරයකුත් නැට්ට විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ පොහොට්ටුවක් නැහැ කියලා . මොකද අද වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර හැකි යම් වැදගත්කමකින් කටයුතු කළ හැකි සියලු දෙනා පාහේ අද පොහොට්ටුව අතහැරල ගිහින් තියෙනවා . පොහොට්ටුවේ තේනුකලා , චානකලා වගේ කිහිප දෙනෙක් හැරුනාම අද වැඩිපුරම ඉන්නේ ඉන්දික අනුරුද්ධ වගේ පස්කාරයෝ ගල්කාරයො ගස්කාරයො තමයි වැඩිහරියක් ඉන්නෙ .
ජාතික සංවිධායකතුමාට කියන්න කැමතියි ඔය පස්කාරයෝ කප්පංකාරයෝ ගල්කාරයෝ එක්ක පොහොට්ටුව ඉදිරියට කර ගෙන යන්න ගියොත් ඔය තුනත් නැති වීමේ අවදානමක් තිබෙන බැවින් කරුණාකරලා නවකණ්ඩායමක් යොදා ගෙන ඔය පක්ෂය ප්‍රතිසංවිධානය කරගන්න . මොනව උනත් ඒකත් ජාතිකවාදී පක්ෂයක් .
අපේ සාදාදාරනීය නායකතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් බිහිකල පක්ෂයක් . ඒ පක්ෂයට හරි විදිහට නායකත්වය දිය යුත්තේ ගම්පහ ඉන්න කප්පම් කාරයෝවත් වැලියකාරයොවත් ගස්කාරයෝවත් නෙවෙයි. ඒ නිසා වැදගත් පිරිසක් යොමු කර ගන්නයි කියන ඉල්ලීම මම සිදු කරනවා.
හි.පා.ම. දිලුම් අමුණුගම