රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාව සිටි මනූඡ් මෙන්ඩිස්ගේ ඝාතනය සම්බන්ධයෙන් පොඩි ලැසී 2016 වසරේදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබුණා. අනතුරුව අවස්ථා කිහිපයකදීම මනුෂ්‍ය ඝාතන, ගිනි අවි සන්තකයේ තබා ගැනීම සහ මත්ද්‍රව්‍ය ඡාවාරම් ආදි සිදුවීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පොඩි ලැසී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැදවුම් භාරයේ සහ රක්ෂිත බන්ධනාගාරගතව පසු වුණා.
පසුව ඔහුට බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇප හිමි වූයේ 2018 වසරේදී ය. එලෙස ඇප නියම වුවත් වසර 6 ට වැඩි කාලයක් සිය ඇප කොන්දේසි සම්පූර්ණ නොකර බන්ධනාගාරය තුළම රැදීි සිටීමට පොඩි ලැසී කටයුතු කර තිබුණා. කෙසේවෙතත්, සිය නීතීඥයින් මාර්ගයෙන් පසුගිය 9 දා බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පොඩි ලැසී තමාට පනවා තිබූ රුපියල් ලක්ෂයක මුදල් ඇපය සහ රුපියල් ලක්ෂ 10 ක බැගින් වූ ශරීර ඇප දෙක තැන්පත් කර ඇප කොන්දේසි සපුරා බන්ධනාගාරයෙන් පිටව ගියා.
ඉන් දින කිහිපයකට පසු ඔහු අතුරුදන් වී ඇති බව වාර්තා වූ අතර පසුව පොලිසිය පැවසුවේ ඔහු ඉන්දියාවට පලා ගොස් ඇති බවට සැක කරන බවයි. මේ සම්බන්ධයෙන් වැඩ බලන පොලිස්පතිවරයා ඉන්දීය ආරක්ෂක අංශ දැනුවත් කර තිබුණා. ඒ අනුව ඔහු ඉන්දියාවේ මුම්බායිහීදී ඉන්දිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව අද වාර්තා වුණා. පොලීසිය පැවසුවේ පොඩි ලැසි ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා ඉදිරි දින කිහිපය තුළදී දිවයිනට රැගෙන එන බවයි.