ලබන වසරේ පැවත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට සහ පළාත්සභා ඡන්ද යට අදාළ කාල වකවානුව ආණ්ඩුව විසින් තීරණය කරන දල බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් වාර්තා වේ . ඒ අනුව කල් දමන ලද පළාත් පාලන ඡන්ද යේ නාමයෝජනා අහෝසි කර අලුතින් නාම යෝජනා කැදවා ලබන අප්‍රේල් මුල් බාගයේ පළාත් පාලන ජන්දය පැවැත් වීමටත් වසර 7කට වඩා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණය ලබන සැප්තැම්බර් මාසයේ පැවැත් වීමටත් ආණ්ඩුව සැලසුම් කර තිබෙනවා. ඊට පෙර අදාළ නීතිමය කටයුතු කඩිනමින් සම්පුර්ණ කර ගැනීමට ආණ්ඩුව අවශ්‍ය පියවර ගනිමින් සිටින බව සදහන් වන්නේ .
ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා අපි ලෑස්තියි කියා පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා සදහන් කරනවා.
“ සමගි ජන බලවේගය හැටියට අපි පළාත් පාලන ඡන්දය සදහා සුදානම් වනවා. ඒ වගේම පළාත් පාලන මැතිවරණය පිළිබදව විය යුතු නීති සංශෝධන පිළිබදව සාකච්චා කරනවා . අපි විශ්වාස කරනවා රජයත් නාමයෝජනා කැදවීමට අමතරව යම් යම් අඩුපාඩුකම් තිබෙනවා . පළාත් පාලන නීති ඒ අඩුපාඩු කමුත් හදලා නීතියත් සංශෝධනය කරලා මේ මැතිවරණය පවත්වයි කියල . අපි සුදානම් අලුත් නාමයෝජනා එක්ක නීතියේ තිබෙන අඩු පාඩු කම් සශෝධනය කිරීමත් සමගම මෙම මැතිවරණයට ඉදිරිපත් වන්න . අපි විශ්වාස කරනවා රටේ ජනතාවට දැන්වත් තේරෙයි කියල වැඩ කාරයෝ කවුද කයිවාරු කාරයෝ කවුද කියල.