ආනයනික බහාලුම් නිදහස් කර ගැනීමේ අරමුණින් පසුගිය දින කිහිපයේ සිට ඔරුගොඩවත්ත රේගු ආංගනය අසළ බහාලුම් ප්‍රවාහන රථ දිගු පෝළින් දක්නට ලැබෙනවා. මේ හේතුවෙන් ආනයනික බහාලුම් නිෂ්කාශනයේ පවතින ප්‍රමාදය නිසා තමන් ගැටළු රැසකට මුහුණ දී සිටින බව බහාලුම් රථ රියදුරන් සඳහන් කළා. මෙවන් පසුබිමක අදාළ පාර්ශ්වයන් හා ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් අද පැවැත්වුණා.
“අද දින ගරු ජනාධිපතිතුමත් එක්ක මේ බහාලුම් ප්‍රවාහනය ගැටලු සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කරා. මේ සාකච්ඡාවේදී මේ බහාලුම් ප්‍රවාහන කිරීමේදී ඇතිවන ගැටලු සම්බන්ධව වෙනත් ආයතන රජය ආයතනත් ඉහළ නිලධාරීන් සමඟ මේ සාකච්ඡාව අද දිනයේ පැවැත්වුණේ. එහිදී තීන්දුවකට ආවා රජයේ ජනාධිපතිතුමා උපදෙස් දුන්නා මේ ගැටලුව වහාම විසඳන්න අවශ්‍ය පියවර ගන්න ඒ රාජ්‍ය ආයතන වලට උපදෙස් දුන්න ඒ වගේම රේගුවට උපදෙස් දුන්න පුළුවන් තරම් ඉක්මනට මේ බහාලුම් ප්‍රවාහනය පරීක්ෂණය කරලා පිටකරන්න කටයුතු කරන්න කියලා. ඒවගේම තමයි එහිදී පොරොන්දු වුනා පැය විසිහතරම වැඩ කරල මේ නිවාඩු දවස්වලත් වැඩ කරල හිරවෙලා තියෙන බහාලුම් ටික වරායෙන් එළියට අරගෙන මේ බහාලුම් පෝලිම් ක්‍රමය නැතිකරල මේ ප්‍රශ්න විසඳනවයි කියල”