පාස්කු ප්‍රහාරයට පක්ෂ නායකයෙක් හිටපු ආරක්ෂක ප්‍රධානියෙක් අත්අඩංගුවට ? ප්‍රශ්නාර්ථයක් සහිතව තමයි මේ ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ කෙසේ වෙතත් අලුතින් ආරම්භ කරන ලද පාස්කු ප්‍රහාරයට අදාළ පරීක්ෂණ අනුව ළඟදීම හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියකු සහ දේශපාලන පක්ෂ නායකයකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව ආරක්ෂක ආරංචි මාර්ග උපුටා දක්වමින් දේශය වාර්තා කරනවා.
මේ සම්බන්ධයෙන් පසුගිය කාලයේ චැනල් 4 නාලිකාව මගින් හෙළිදරව්වක් සිදු කළ හන්සිල් අසාද් මවුලානාගෙන් නැවතත් මීට අදාළ සූම් තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබාගෙන ඊට සම්බන්ධ යයි සැකකරණ තැනැත්තන් අධිකරණ නියෝග මත අත්අඩංගුවට ගැනෙනු ඇතැයි වැඩිදුරටත් දැනගන්නට තිබෙනවා.
ඉතින් චැනල් 4 වැඩසටහන සම්බන්ධයෙන් මීට පෙර පැවැති රජය මඟින් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස් අයි ඉමාම් මහතාගේ ප්රධානත්වයෙන්ද කොමිසමක් පත් කළා. එමගින් ද විශේෂ වාර්තාවක් දීලා තියෙනවා. එහෙත් එම පරීක්ෂණ සදහා සාක්ෂි ලබාදෙන ලෙස අසත් මවුලානාගෙන් ඉල්ලීමක් කර තිබූ අතර ඔහු දැනට විදේශගතව සිටිනවා.
ඔහු එම සාක්ෂි විමසීමට මේ වනතුරුත් සහභාගි වී නොමැති බව වාර්තා වෙයි. ඉතින් ජනාධිපතිවරණයේදී වගකීම මහ මැතිවරණයේදී දිගින් දිගටම ජයග්‍රාහී කදවුර ජනතාවට ප්‍රතිඥාවක් ලබා දුන්නා පොරොන්දුවක් ලබා දුන්නා පාස්කු ප්‍රහාරයේ සැබෑ මොළකරුවන් රටට හෙළි කරනවැයි කියලා.
ඉතින් ඒ වින්දිත පාර්ශවයන් වලට සාධාරණයක් ඉෂ්ට කරන්නට අහිංසක නිරායුධ ආගම අදහන්නට ගිය අහිංසකයන් වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කරන්නට කැපවෙනවා කියලා. ඉතින් එහි දිගුවක් විදිහට තමයි නව රජය පත් වූ සැණින්ම මේ ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ .