පාර්ලිමේන්තු සේවිකාවන්ට ලිංගික හිංසන කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පාර්ලිමේන්තු සේවකයන් තුන් දෙනකු සේවයෙන් පහ කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුව පවසන්නේ අදියර කිහිපයක් යටතේ කළ විමර්ශන වලින් අනතුරුව අදාළ සේවකයන් සේවයෙන් පහකළ බවයි. 2021 සහ 2022 යන වසර වල පාර්ලිමේන්තුවේ සේවිකාවන්ට ලිංගික හිංසන වන බවට පුවත්පතක පළ වූ වාර්තාවකින් අනතුරුව එවක කතානායකවරයා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබුණා. අදළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම සඳහා විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී විරවර්ධන මහත්මිය පත් කළ අතර අදාළ පරීක්ෂණ වාර්තාව පසුගියදා පාර්ලිමේන්තු මහ ලේකම් කුෂාණී රෝහණදීර මහත්මිය වෙත ලබා දී තිබෙනවා. පාර්ලිමේන්තුව නිකුත් කළ නිවේදනය දැක්වෙන්නේ අදාළ වාර්තාව ප්රකාරවඅදාළ චූදිත නිලධාරින් සේවයෙන් පහකළ බවයි.
Related Posts
මහින්දගේ ආරක්ෂාවට කරපු වියදම හෙළි කරයි
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ටසය නිවේදනයක් නිකුත් කර තිබෙනවා . හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක කටයුතු ආවරණය කිරීම…
Clean Sri Lanka ගැන ෆොන්සේකා කියූ කතාව
රට පිරිසිදු කරගන්නවා කියන එක රටේ සියලු ප්‍රශ්න අමතක කරලා ඒක කර කර හිටියට හරියන් නෑ. සුමානෙකින් දෙකකින් ඔක්කෝම ඉදල්…
එළවළු මිල ගණන් සීඝ්රයෙන් ඉහළට
දිවයිනේ ප්‍රදේශ කිහිපයකම එළවළු මිල ගණන් සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති බවටත් අමු මිරිස් කිලෝවක මිල රුපියල් දහස ඉක්මවා ඇති බවටත්…