2024 මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තු කැදවීම පිළිබදව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්රකාරව මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
ඒ අනුව 2024 නොවැම්බර් මස 21වන දා පෙරවරු 10ට දසවන පාර්ලිමේන්තුව කැදවීමට නියමිතයි. මේ අතර 10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය පැවැත්වෙන ආකාරය පිළිබදව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මෙහිදී මහජන චන්දයෙන් තේරී පත් වූ මන්ත්රීවරුන් 196ක් සහ ජාතික ලැයිස්තුවෙන් තොරාපත් කර ගන්නා ලද මන්ත්රීවරුන් 29 දෙනා ඇතුළුව මන්ත්රීවරුන් 225ක් නව සැසිවාරයට සහභාගී වීමට නියමිතයි.
කතානායකවරයා චන්දයෙන් තෝරා පත් කර ගැනීම ප්රධානතම කාර්ය සිදු කිරීමට නියමිතයි. එදින සිදු කිරීමට නියමිත කාර්ය සියල්ල නිම වීමෙන් පසු පාර්ලිමේන්තුව කල් තබනු ලැබේ.
මෙහිදී කල්තබනු ලබන දිනය වන්නේ බොහෝ විට එලෙබෙන පාර්ලිමේන්තු දිනය වන බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තුමේන්තුව පවසන්නේ. මේ අතර එදින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතයි .
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේතුව ඇමතීමෙන් පසුව එතුමා විසින්ම පාර්ලිමේන්තුව ඊළග දිනය දක්වා කල් තබනු ලබයි.