මේ වන විට හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රවී කරුණානායක මහතාගේ නිවස ඉදිරිපිට පොලිස් නිලධාරීන් රැසක් යොදවමින් ඒ මහතාගේ නිවාස ඉදිරියේ ආරක්ෂාව තර කර තිබෙනවා.
ඒ එම නිවාස ඉදිරිපිට යම් කිසි ආකාරයක උණුසුම්කාරී වාතාවරණයක් ඇති වේ යැයි කියන සැකය මතයි.
පැවති පාර්ලිමේන්තු මැතිවරණයට නව ප්රජාන්ත්රවාදී පෙරමුණ හෙවත් ගෑස් සිලින්ඩරයෙන් තරග කර ලබා ගත් ආසන වල ජාතික ලැයිස්තු වට හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රවී කරුණානායක මහතාගේ නම බලහත්කාරයෙන් සහ පක්ෂයේ කිසිදු අනුදැනුමකින් තොරව ඇතුළත් කිරීම නිසා එම පක්ෂයේ මන්ත්රී වරුන් අතර දැඩි උණුසුම් තත්වයක් හට ගෙන තිබෙනවා.
ඔවුන් සියලු දෙන දැඩි ලෙස මෙම ක්රියාව විවේචනය කරන අතර පක්ෂයේ මෙම ගැටලුව නිරාකරණය කර ගැනීම සදහා අද පෙරවරුවේ රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් විශේෂ සකච්චාවක්ද පැවතුන බවයි වාර්තා වන්නේ.
කේසේ වෙතත් මේ වන එතුමාගේ නම ගැසට් කර ද අවසන් බව ආරංචි මාර්ග තහවුරු කරයි.