අපි ඉතා ආඩම්බරයෙන් කියනවා අපි මම පොලිසිය භාර ඇමතිවෙලා ඉන්නකොට පාතාල ක්‍රියාකාරකම් කිසිසේත්ම තිබ්බේ නැහැ . එකක් දෙකක් පමණයි තිබ්බේ .නමුත් ඒ සම්බන්ධයෙන් අපි ඉතාම දැඩි පියවර අරගත්තා. නමුත් අද වෙනකොට අර ඔබතුමා ඉස්සෙල්ලා ඇහුවා වගේ ජාතික ආරක්ෂාව පිළිබදව ලොකු ප්‍රශ්නෙකට මැදිවෙලා තියෙනවා. මොකද මේ පාතාල ක්‍රියාකාරිකම්. ඉතිං හැමදාම වගේ ඔබතුමා කිව්වා වගේ හැමදාම වගේ අපි දකිනවා මිනී මැරුමක් මෝටර්සයිකල් වලින් කාර් වලින් ඇවිල්ලා වෙඩි තියල යනවා. ඉදිරිය සම්බන්ධයෙන් ඉතා දැඩි පියවර ගත යුතුයි. මං හිතන්නේ පොලිසියට ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන්න ඉතාම හොඳ කණ්ඩායම් ඉන්නවා. ඉතාම හොඳ ශක්තිමත් බුද්ධි අංශයක් තියෙනවා . ඉතින් මං හිතන්නේ අපි ඉන්න කාලේ පාතාල ක්‍රියාකාරම් වැළක්වූවා නම් ඇයි දැන් වළක්වන්නට බැරි. ඉතින් මං හිතන්නේ ඒකට දේශපාලන හොඳ නායකත්වයකුත් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ දෙකේ අඩුපාඩු මොකක්ද කියන එක තමයි අපි බලන්න ඕනි.
Related Posts
නත්තල් උත්සවයේ සැබෑ අරුථ කියා දුන් කාදිනල් හිමි
නත්තල් උත්සවයේ සැබෑ අර්ථය කියන එකේ තේරුම් ගන්න ඕනි දෙවියන් වහන්සේ මනුෂයෙක් වෙලා මේ ලෝකෙට ජනිත වීම නත්තලෙන් සිහි කරනු…
පරිප්පු , සහල් බද්ද දිගටම
සහල්, පරිප්පු, සුදු ලූණූ, අර්තාපල්, ලොකු ලූණූ, පොල් තෙල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමේදී මෙතෙක් පවත්වාගෙන ගිය විශේෂ වෙළද…
මුජිබුර් රහුමාන් තාජුඩින්ගේ ඝාතන නඩුව යළි අදියි
මුජිබුර් රහුමාන් අද ( 04 ) පාර්ලිමේන්තුවේදී දැක්වූ අදහස්… මේක ඉතාම වැදගත් දෙයක් මේ රටේ නීතිය ආධිපත්‍යය පිළිබඳව.ඒ හින්ද මම…