හෙට සිට යළිත් ප්‍රදේශ රැසකට වැසි හෝ ගිගිරුම් සහිත වැසි

weather

දැනට දිවයින ආසන්නයේ නිරිත දිග බෙංගාල බොක්ක ආසන්නයේ වර්ධනය වෙලා තියෙන අඩු පීඩන කලාපය විශේෂයෙන් දුර්වල වෙමින් පවතිනවා. කන්කසන්තුරේ ඉදන් ත්‍රීකුණාමලය සිට පොතුවිල් දක්වා වෙරළබඩ තීරයට ඔබ්බෙන් තිබෙන ගැබුරු සහ නොගබුරු මුහුදු තීර වල ධීවර සහ නාවුක කටයුතු වල යෙදෙන ධීවරයන් ඒ පිළිබදව අවධානය යොමු කරන ලෙස ඉල්ලයි .

මේ පද්ධතියේ වක්‍ර බලපෑම හේතු කොට ගෙන දිවයිනේ ගොඩබිමේ වැසි තත්වය විශේෂයෙන් දිවයිනේ උතුරු , උතුරු මැද , වයබ පළාත් වල හෙට දිනයේ සිට වැසි තත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරයි .

ඊට අමතරව දිවයිනේ සෙසු පළාත් වල බස්නාහිර, නැගෙනහිර , නුවර , නුවර එළිය , ගාල්ල , මාතර දිස්ත්‍රික්ක වල සන්ධ්‍යා කාලයේ වැසි හෝ ගිගිරුම් සහිත වැසි තත්වයක් ඇති වේ. එම පළාත් වල 30mm සහ 50 mm මට්ටමේ වැසි ලැබෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *