පර්ල් වරායට ප්‍රහාර එල්ල වී වසර 83 ක්

පර්ල් වරායට ප්‍රහාර එල්ල වී වසර 83 ක්

ඇමරිකාවට අයත් නාවික කඳවුරක් වන හවායී හි පර්ල් වරායට බෝම්බ හෙලීමට ඡපානය 1941 වසරේදී කටයුතු කළා. ඒ දෙවන ලෝක සංග්‍රාමය අතරතුරදී ය. පර්ල් වරායට ප්‍රහාර එල්ල වී වසර 83 ක් සැපිරීම නිමිත්තෙන් පසුගියදා ඇමරිකාවේදී සැමරුම් උත්සවයක් පැවැත්වුණා.

සැමරුම් උත්සවය වෙනුවෙන් නාවික හමුදා සාමාඡිකයින් මෙන්ම ප්‍රහාරයෙන් මියගිය අයගේ ඥාතීන්, හිතමිතුරන් ඇතුළු බොහෝ දෙනෙක් සහභාගී වී සිටියා. පැමිණි සිටි පිරිස ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් වෙනුවෙන් පුෂ්පෝපහාර දැක්වීමටත් කටයුතු කළා.

එමෙන්ම, නාවික හමුදා නිලධාරීන් ආචාර වෙඩිමුර තබමින් මියගිය පිරිස වෙනුවෙන් තම ගෞරවය පුද කළ සිටියා. 1941 වසරේදී ඇමරිකාවේ පර්ල් වරාය ඉලක්ක කරමින් ඡපානය එල්ල කළ මෙම ප්‍රහාරය හේතුවෙන් මියගිය ඇමරිකානුවන් පිරිස 2390 ක්.

ඇමරිකාවේ හිටපු ඡනාධිපති ෆ්‍රෑන් ක්ලීන් ඩී රූස් වෙල්ට් එම දිනය අපකීර්තියට පත් වූ දිනය නමින් නම් කිරීමට කටයුතු කළා. කෙසේ නමුත්, ඇමරිකාව දෙවන ලෝක සංග්‍රාමයට ඈදා ගැනීමට හේතු වූයේ මේ පර්ල් වරායේ ප්‍රහාරය යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *