නාමල් රාජපක්ෂ මහතා අද ( 04 ) පාර්ලිමේන්තුවේදී දැක්වූ අදහස්…
තවත් පැත්තකින් පාර්ලිමේන්තුවේ 225 දෙනාගේ ගරුත්වය රකින්න ඕන කියලා ජනාධිපතිතුමා කියනවා. ඔව් ඒක කළ යුතුයි. දෙසිය විසි පස්දෙනාගේ ගෞරවය ආරක්ෂා කිරීමේ වැඩි වගකීම තිබෙන්නේ ඔබ තමුන්නාන්සේලා එකසිය පනස් නම දෙනාගේ.
අනිත් අයටත් අඩු වැඩි වශයෙන් තියෙනවා. හැබැයි බොරු චෝදනා ගොඩනගලා දෙසිය විසිපහම හොරා කියන තැනට පරිවර්තනය කළේ ඔබ තමුන්නාන්සේලා. ඉතින් ඒකේ හින්දා එක පැත්තකින් හොරකම් හොයන්න . මං අද ඒකට අභියෝග කරන්න යන්නේ නෑ. මං ඒක කරලා තියෙන්නේ කියා නාමල් රාජපක්ෂ මහතා පැවසුවා.
ඔබතුමාල උගන්ඩාවේ බැරිනම් ලෝකය ඕන රටක ගිහිල්ලා අපි හොරකම් කරපු ධනය තියෙනවා නම් අයිති ලෙසඋපයා ගත්තු දේවල් තියෙනවා නම් ඒවා ගේන්න. ඒ පිළිබඳව නීති සම්පාදනය කරනවා කිව්වා කඩිනමින් ඒක කරන්න. කල් අරින්න ඉන්න එපා ගරු අමාත්‍යතුමනි. කඩිනමින් නීති සම්පාදනය කරන ලෙස නාමල් රාජපක්ෂ මහතා ඉල්ලීමක් කළා.
තවත් පැත්තකින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේ රටේ ජනතාවට තමන් දුන්න පොරොන්දු ඉෂ්ට කරන්න පුළුවන් වැඩපිළිවෙළ පිළිබඳව ප්රාරායෝගික වැඩපිළිවෙළ පිළිබඳව අපි බලාගෙන ඉන්නවා. කතා කරන්න දක්ෂයි. ඔබ තමුන්නාන්සේලාගේ දේශපාලනය බලවේගය ගත්තොත් හොඳ කතිකයෝ ඉන්නවා.
අනුරු කුමාර අතිගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ හිටපු හොඳම කථිකයෙක්. ඒ වගේම එවැනි එකසිය පනස් නවයක් අද පාර්ලිමේන්තු ඉන්නවා.ඉතින් අද හොඳ කථිකයෝ 159 ඉන්නවා. හැබැයි දැන් බලන් ඉන්නේ වැඩ කරන 159 ඉන්නවද නැද්ද කියන කාරණය.
ඒ කියපු කාරණා ක්‍රියාත්මක කරනව ද නැද්ද කියන එක. අභියෝග අරන් ක්‍රියා කරනවද නැද්ද කියන එක පිළිබඳව මේ රටේ ජනතාව වගේම විපක්ෂ විදියටත් ගරු කතානායකතුමනි අපි බලාගෙන ඉන්නවා.