නාමල් රාජපක්ෂ අද ( 9 )සිදු කල කතාව
ආණ්ඩුවෙන් තමන් මැතිවරණ කාලයේ රටේ ජනතාවට ලබා දී තිබූ පොරොන්දු ඉෂ්ඨ කරන්නේ කොහමද කියන ආකාරය පිළිබදව කතා කරන්න . ඔබත් පිළිගන්නවා , ඔව් හාල් ප්‍රශ්නයක් තියෙනවා , පොල් ප්‍රශ්නයක් තියෙනවා , පොල් නැහැ ලුණු නැහැ නැත්තන් එකට විසදුම මොකද්ද ? කියා නාමල් රාජපක්ෂ මහතා පැවසුවා.
මැතිවරණ කාලසීමාව තුළ ඔබ තමුන්ලා පොරොන්දු දෙනකොට පොරොන්දු දුන්නේ එක පෑන් පහරෙන් රටේ ප්‍රශ්න විසදන්න පුළුවන් කියන ආකාරයට. අපි කිව්වේ නැහැ. ඒක අපි කියපු කාරනයක් නෙමේ . අනිත් පැත්තෙන් හාල් පිටරටින් ගේන්න ජනාධිපතිවරයෙක් ඕනි ද කියල ඇහැව්වා . ආණ්ඩුවක් මොකටද කියල ඇහැව්වා. ඒක අපි අහපු කාරණයක් නෙමෙයි ( නාමල් රාජපක්ෂ ).
ඔබතුමාලා මැතිවරණ වේදිකාව තුළ අවබෝධයෙන් කරපු ප්‍රකාශ. ඒ ප්‍රකාශ පදනම් කරගෙන තමයි ප්‍රශ්න කිරීම් සිදු වන්නේ . අපි දන්නවා ප්‍රතිපත්ති ප්රකාශනය දුන්නේ පළවෙනි මාසෙන් දින 100 කරන්න නෙමේ . හැබැයි දින 100 ගැනත් ප්‍රශ්නයක් තිබෙනවා. සමහරු කියනවා දින 41යි . මම දැක්කා තවත් එක්කනෙක් කියනවා දින 50. ජනාධිපතිතුමා දින 100 යි . තවත් මන් දැක්කා 110 ක්ද 120ක් ද කියල. ආණ්ඩුව පත් වෙලා තමන් වගකීම භාරගත්ත දින ගානවත් හරියට දන්නේ නැතිව , තමන්ට පැවරුන වගකීම මොකද්ද කියන එක පිළිබදව අවබෝධයක් නැතිව විපක්ෂය විසින් යම් කාරණයක් මතු කෙරුවොතින් ඒකට චෝදනා කරන බව නාමල් රාජපක්ෂ මහතා සදහන් කළා.
ආණ්ඩුව පළමු දින 100 ඇතුළේ පළමුවෙන්ම කරේ ඔබලා බලයට ගේන්න උදව් කරපු සමාජ මාධ්‍යටත් මාධ්‍යටත් පහර ගහපු එක. සමාජ මාධයෙන් වැඩියෙන්ම බැට කාපු කෙනෙක් මම. සමාජ මාධ්‍යට පිං සිද්ධ වෙන්න මට ලම්බෝගිනි තියෙනවා , රත්තරන් අශ්වයෝ ඉන්නවා ඒකාලේ ඔබලා එහමනේ කීවේ . හැබැයි අද ඔබට එවැනි චෝදනා එල්ල වෙනවා නම් නීතිය ක්‍රියාත්මක කරන්න. හැබැයි රටේ ප්‍රශ්නයක් පිලිබදව මාධ්‍ය ආයතනයක් හෝ සමාජ මාධ්‍යක් විසින් පෙන්නු පරිදි ඔවුන්ගෙන් පලි ගන්න ලෑස්ති වෙන්න එපා කියා නාමල් රාජපක්ෂ මහතා පැවසුවා..
පසු ගිය කාලේ ත්රස්තවාදීන් සැමරීම පිළිබදව ගැටළුවක් ආවා. ඒක දාපු තරුණයන්ව රිමාන්ඩ් කරා. පාර්ලිමේන්තුවේ ප්‍රශ්නේ ඇහැව්වා මම හිතන්නේ විපක්ෂ නායකතුමා ඒ ප්රශ්නය ඇහැව්වේ. විෂය භාර ඇමතිවරයා කිව්වා ත්‍රස්තවාදී සැමරුම් 10 පිළිබදව වාර්තා වුනා කියලා. දැන් ඒ පිළිබදව අද වෙනකන් ගත්තු ක්‍රියාමාර්ගය මොකද්ද?. හැබැයි ඒක සදහන් කරපු කෙනා රක්ෂිත බන්ධනාගාර ගත කරලා ඇපත් අරන් තිබෙනවා . ඔබ තුමාලා හිතනවා නම් ඔබ තුමලගේ නොහැකියාව මර්ධනය තුළින් යට ගහ ගන්න පුළුවන් කියල ඒක සාර්ථක වෙන්නේ නැහැ කියන එකත් මතක් කරන්න ඕනි බව නාමල් රාජපක්ෂ මහතා සදහන් කළා .