පොහොර නැති වෙන කොට ඒවගේම ගොවියාගේ වගා හානි වෙනකොට ආණ්ඩුවට කොහොමද බලපෑම් කරේ . ආණ්ඩුවට බලපෑම් කරේ රුපියල් 40000 ක් හෙක්යාරයකට දෙන කොට වගා හානි වලට මොකක් කරන්නද ගොවියට රුපියල් හතළිස් දාහක් නෙමේ ලක්ෂයක් දුන්නේ නැත්නම් අපි නොකඩවා උද්ඝෝෂණය කරනවා කියපු නාමල් කරුණාරත්න අද මුනිවත රැකගෙන ඉන්නවා කෘෂිකර්ම නියෝජ්‍ය ඇමතිවරයා හැටියට.
තමුන්නාන්සේ මොකක්ද මේ රටේ ජනතාවට කියන්නේ ?. තමුන් වහන්සේ රෙදි ඇඳගෙනද නියෝජ්‍ය ඇමතිකමේ ඉන්නෙ ? ලැජ්ජාවක් තියෙනවා නම් කරුණාකරල ලැජ්ජාවක් බයක් හිරිකිතයක් තිබෙනවා නම් ඔය නියෝජ්‍ය ඇමතිකමෙන් ඉල්ලා අස්වෙන්න යයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාරසිරි මහතා පවසයි.