නාමල් අත්අඩංගුවට ගැනීමේ සුදානමක් ?

namal rajapaksha

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉදිරි දින කිහිපයේදී අත්අඩංගුවට ගැනීමට සිටින බවට තොරතුරැ වාර්තා වෙමින් පවතින බව නීතිඥ මනෝජ් ගමගේ මහතා ප්‍රකාශ කර තිබෙනවා. ඉදිරි වසර කිහිපය තුළ නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරයට පත් වේ යැයි තිබෙන බිය නිසා නාමල් රාජපක්ෂ මහතාව සිර ගත කිරීමේ උත්සහයක් ඇති බව එතුමා පවසා තිබෙනවා.

වත්මන් ආණ්ඩුව ඉදිරි වසර කිහිපය තුළ නාමල් රාජපක්ෂ මහතා ජනපති ධූරයට පත් වේවි කියා විශාල බියක් ඔවුන් තුළ ඇති බවත් ඒ හේතුවෙන් මෙලෙස නාමල් රාජපක්ෂ මහතා සිරගත කිරීමේ උත්සහක් පවතින බව ඔහු කියා තිබෙනවා.

මෙරට නව ආණ්ඩුව අසමත් වන සෑම අවස්ථාවකම රාජපක්ෂ භීතිකාව ඉහළ යාම තුල දේශපාලනික වශයෙන් දඩයම් කිරීමේ ක්‍රියාවලියක් මේ වන විට ක්‍රියාත්මක බව ද නීතිඥ මනෝජ් ගමගේ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *