හිටපු කථානයකවරයා ඊයේ දිනයේදී ඉල්ලා අස්වීමේ ලිපිය නිකුත් කිරීමෙන් අනතුරුව මේ වන විට කථානායක තනතුර පුරප්පාඩු වී තිබෙනවා . හිටපු කතානායකවරයාගේ ආචාර්ය උපාධිය සමබන්ධයෙන් පැන නැගුන ප්‍රශ්නගත වාතාවරණය නිසා සිය තනතුරින් ඉල්ලා අස්වීමට සිදු වුනා.
ලබන 17 වන දා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර එහිදී සිදු කරන පළමු කාර්ය ලෙස නව කථානායකවරයෙක් පත් කිරීම සිදු කරනු ඇති. ඒ සදහා මේ වන විටත් පක්ෂ අභ්‍යන්තරයෙන් ලැබෙන දේශපාලන ආරංචි මාර්ග වලට අනුව මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ නම් යෝජනා වී තිබේ.
ඒ සදහා නියෝජ්‍ය කතානායක වරයා , නිහාල් ගලප්පත්ති සහ ලක්ෂ්මන් නිපුනආරච්චි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් යෝජනා වී තිබේ. කේසේ වෙතත් මේ සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව ද වාරතා වනවා .
නියෝජ්‍ය කථානායකවරයා ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් සිය ෆේස්බුක් පිටුවේ මීට දින කිහිපයකට පෙර පල කර තිබීම විශේෂත්වයකි.