නලීන් බණ්ඩාර අතේ පත්තු වූ සියල්ල වමාරයි

නලීන් බණ්ඩාර

නලීන් බණ්ඩාර මන්ත්‍රීතුමා අදහස් දක්වමින් මෙසේ පැවසුවා… අපට තිබෙන තොරතුරු අනුව අක්කර තුන් ලක්ෂ අසුදාහකට ආසන්න ප්‍රමාණයක් ගොවි බිම් යට වෙලා තිබේ. මේ සදහා රුපියල් බිලියනයක් රජය වෙන් කළා කියල. ඉතින් ඔබ තුමාලා පොඩ්ඩක් හදල බලන්න එක අක්කරයකට රුපියල් 2632ක් වගේ සොච්චම් මුදලක් තමයි වෙන් කරලා තිබෙන්නේ.

ඒ ගොල්ලොම කිවා රුපියල් 40 000 ක වන්දියක් ගෙවනවා කියල. ඉස්සර නාමල් කරුණාරත්න හොටු පෙරා ගෙන ඇඩුවා. අමුඩ ගහගෙන පාරවල් ගානේ විලාප දුන්න. පොල් ගැහැව්වා. දේව කන්නලව් කරා. අද නාමල් කරුණාරත්න ටයි පොජ්ජකුත් ගහගෙන රුපියල් 40 000ක් ගැන කියා වන බව නලීන් බණ්ඩාර මන්ත්‍රීතුමා පවසයි.

අපට දැන් කියන්න තියෙන්නේ නාමල් කරුණාරත්න ඇමති හුරට තමන්ගේ ටයි පොජ්ජ ගලවලා අමුඩ පොජ්ජක් ගහගෙන ගමේ තියෙන කුබුරකට බැහැල ඒ රුපියල් 40000 න් මොකද්ද කරන්න පුළුවන් කියල චුට්ටක් හොයල බලන්න. එහෙන් බහිරවයේ අල්ලාගෙන නිධන් හාරන බව නලීන් බණ්ඩාර මන්ත්‍රීතුමා පවසයි.

කතාවක් තිබෙනවා රාජා භවතු ධම්මිකෝ කියල. ඉතින් අද ජනාධිපතිවරයා ඇතුළු රාජ්‍ය ධාර්මික නොවන නිසා සංස්කෘතියට අගව්රව කරමින් අඩුම ගානේ ජයමංගල ගාතාවට වත් අවස්ථාවක් නොදුන් නිසා මේ රටට දේව ශාපයක් උදා වෙලාද කියල අපට අපට බරපතල සැකයක් තිබෙන බව නලීන් බණ්ඩාර මන්ත්‍රීතුමා පවසයි.

අපි දැක්ක රට ආපදාවකට ලක් වෙලා. රටේ අගමැතිතුමිය යනවා බඩු ගන්න. සමහරු මේවටත් චූන් වෙනවා. සරල බව පෙන්වන්න නෙමේ ඕනි ඔබතුමියගේ කාර්යභාරය ඉෂ්ට කරන්න . ජනාධිපතිතුමාටත් ඒකම තමා කියන්න තියෙන්නේ. දොර අරින එක නෙමේ ප්‍රශ්නේ , ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදන් මුදල් අමාත්‍යංශයට පයින් යන එක නෙමේ. හෙලිකොප්ටරේ ගිහින් හරි තමන්ගේ කාලය කළමනාකරණය කර ගන්නා ලෙස නලීන් බණ්ඩාර මන්ත්‍රීතුමා පවසයි.

මේ ගොල්ලෝ කන්චනගේ සුත්‍රයේම තමයි දුවන්නේ. රනිල්ගේ වැල් පාලමේම තමා යන්නේ. රනිල්ගේ කඩා වැටෙන කලිසමම තමයි මේ ඇදගෙන ඉන්නේ . ඒ ගොල්ලෝ කීවනේ කාංචන හොර කම් කරනවා කොමිස් ගහනවා කියල . අනේ කාංචන කරුණාකරලා ඔයාගේ කොමිස් ගැහිල්ල නවත්වන්නකෝ . මෙයාලට රුපියල් 50 කින් 60කින් ඩීසල් පෙට්‍රල් අඩු කර ගන්න බැරි ඔයා තාම කොමිස් ගහනවා ද ? .

මේ ගහපු බයිලා දැන් සේරම අතේ පත්තු වෙලා තිබෙන්නේ . දැන් ආය කියනවා ඩීසල් කෝටා එකක් දෙනවලු . ඩීසල් කෝටා එකක් පෙට්‍රල් කෝටා එකක් කොහොමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හම්බෙනවා. අලුතෙන් දෙන්න ඕනි නැහැ. රෝහණ විජේවීර තමන්ගේ නායකයා මරපු තමාගේ විරුවෝ මරපු ඉල් සමරුව ඉහළින් සමරුවේ නැහැ. ඒක සිල්ලෙරේට සමරලා උතුරේ මහා විරු සමරුව තොගේට සමරන්න අවස්ථාව උදා කරලා දීල දැන් අන්න සමාජ ක්‍රියාකාරීන් කීප දෙනෙක් අත්අඩංගුවට අරගෙන මේක බැක්ෆයර් උනාට පස්සේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *