නත්තල් උත්සවයේ සැබෑ අර්ථය කියන එකේ තේරුම් ගන්න ඕනි දෙවියන් වහන්සේ මනුෂයෙක් වෙලා මේ ලෝකෙට ජනිත වීම නත්තලෙන් සිහි කරනු ලබන බව උන් වහන්සේ පැවසීය. විශේෂයෙන්ම ක්‍රිස්තුස් වහන්සේගේ උපත නත්තල් උත්සවය ලෙස සිහි කරන බවයි පැවසුවේ.
නමුත් දැන් නත්තල් උත්සවය වාණිජ මංගල්‍යක් බවට පත් වී ඇති බව ද පැවසීය. පුළුවන් තරම් මුදල් හම්බකිරීම සදහා යොදවා ගැනීමේ අවස්ථාවක් බවත් පැවසුවා. වාණිජ ලෝකය සන්තෝස වෙනවා වැඩියෙන් මිනිස්සු ගිහින් බඩු බාහිර ආදිය අරගෙන කඩ සාප්පු වලට ගිහිල්ලා කීයක් හරි තියලා එනවා නම් ඒවල ඒ අයට භුක්ති විදින්න.
ආර්ථිකය ශක්තිමත් කිරීම හැර වෙන කිසිවක් සිදු නොවන බවත් දෙසැම්බර් 25 වන විට මිනිස්සු හිස් බවක් අත්දකින්න පටන් ගන්නා බවයි උන් වහන්සේ පැවසුවේ. සැරසිලි ඉවර වුනාට පස්සේ බාහිර සන්තෝෂයක් පමණක් ජනතාවට ලැබෙන බව ද පැවසීය. ඇතුළතින් එන අද්යාත්මික සතුට නොදැනෙන බව ද කාදිනල් හිමි පැවසුවා. ඒ සතුට ලැබෙන්නේ අත්පත් කර ගැනීම තුළ නොවන බවත් බෙදා දීම තුළ බව පැවසුවේ.
එම නිසා නත්තල අනෙකුත් පුද්ගලයන් සමග සතුට බෙදා ගැනීමේ අවස්ථාවක් කර ගන්නවා නම් යහපත් බවයි උන්වහන්සේ පැවසුවේ . ආගමික කටයුතු වල නිරත වී නැති බැරි අයට පිහිට වීමෙන් නත්තල් සතුට භුක්ති විදින ලෙස ඉල්ලීමක් කරන බව ද උන්වහන්සේ පැවසීය. ඒ වගේම සියලු ජනතාවට සුභ නත්තලක් පාර්ථනා කරන බව ද පැවසුවා .