දේශපාලන අමුතු කතා මෙන්න

දේශපාලන අමුතු කතා මෙන්න - lanka sinhala news and gossip c

දේශපාලන අමුතු කතා…

අපේ ඡනාධිපතිතුමා මෝදි අගමැතිතුමාගෙන් ඉල්ලා හිටිනවා කරුණාකරලා BRICS එකේ සාමාඡිකත්වය අරන් දෙන්න කියලා. ඒක පුද්ගලිකව ඔහුට කරදර කරලා කිව්වා නම් කිසි ප්‍රශ්නයක් නැ. ඒකාබද්ධ ප්‍රකාශයකට දැම්මයින් පස්සේ එතන හෑල්ලු වෙන්නේ ඡනතාව. ඡනාධිපති නෙවෙයි. අපේ ඡනාධිපතිතුමා දිවුරුම් දුන්නේ සැප්තැම්බර් මාසේ 23. BRICS සංවිධානයේ සමුළුව තිබුනේ ඔක්තෝබර් 22, 23, 24 රුසියාවේ. පුටිං ඡනාධිපතිතුමා පෞද්ගලිකව ලියමනක් එව්වා ආරාධනා කරලා BRICS සමුළුවට එන්න කියලා. රටවල් එකසිය ගානක් ඇවිල්ල හිටියා. ඇවිල්ල හිටිය ඔක්කොම විදේශ ඇමතිවරු, අගමැතිවරු, ඡනාධිපතිවරු. අපේ රටින් පමණයි විදේශ ලේකම්වරිය ගිහින් හිටියේ. අගමැතිනිය හරි ඉන්න තිබුණා. විදේශ ඇමති හරි ඉන්න තිබුණා. ටෙලිෆෝන් කරලා කියන්න තිබුණා. මේක රාඡ්‍ය නායක සමුළුවක් නේ.
ඩිව් ගුණසේකර – හිටපු සභාපති – ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය

අවුරුදු 2 ½ කට පස්සේ ලෝකයේ තියන ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන වාර්තා කරමින් ඉන්නවා අද ලංකාව බංකොලොත්භාවයෙන් මිදිල යම් හුස්මක් ගන්න පුළුවන් තැනකට පත් වෙමින් තිබෙනවා කියන එක ඒ ආයතන කියන්න හදනවා. අපි ඔක්කොම දන්නේ නැ. තාම ඔක්කොම ප්‍රශ්න විසදලා නෑ. තව ගැටළු තියනවා නේ. දැන් හාල් ප්‍රශ්නයක් තියනවා. හැබැයි ඒ ප්‍රශ්නෙ විසදන්න ආණ්ඩුව විශාල වශයෙන් මහන්සි වෙනවා. ඒ නිසා ඒකත් එක්ක ලොකු රණ්ඩුවක් නෑ. උපරිම.. අර පොඩි ළමයි කියනවා වගේ උපරිමම හොද රටක් ගොඩනගන්න අපි වැඩ කරගෙන යමු.
බිමල් රත්නායක – ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය

එක පෑන් පාරකින් විසදන්න පුළුවන් කියපු ප්‍රශ්න මාස තුනක් ගතවෙලත් තාම විසදගන්න බැරුව තියනවා. අපි කියන්නේ අපි කියපු ඒවා නෙවෙයි තොපි කියපුවා කරපියව්. දැන් අද අලි එලවන්න කටයුතු කරනවා. මේ ප්‍රායෝගික විසදුම් නෙවෙයි මේවා. ඒ නිසා හිසරදේට කොට්ටේ මාරු කරා කියලා තමයි කියන්න වෙන්නේ මේ රටේ ඡනතාවට.
රෝහණ බණ්ඩාර – පාර්ලිමේන්තු මන්ත්‍රී – සමගි ඡන බලවේගය

අවාසනාවට විපක්ෂය තාමත් පටු තැනක ඉන්නේ අර පරණ දේශපාලන සංස්කෘතිය තුළම තියන. මේ මහඡන නියෝඡිතයො ලෙස පත් වෙච්ච අය මොනතරම් මුදලක් ලබාගන්නවද? මේගොල්ලෝ හැමදාමත් මේ දේශපාලන සංස්කෘතිය තුළ තිබුනේ ඡනතාවගේ මුදල් මංකොල්ල කාලා ඒගොල්ලන්ගේ ඡිවිත යහපත් අතට පත්කරගෙන සැබෑවටම පීඩා විදින අපේ මිනිස්සුන්ට හැමදාමත් පීඩාව උරුම කරලා දීපු පාලනයක් තමයි හැමදාමත් ගෙනිච්චේ.
මුනීර් මුලාෆර් – පාර්ලිමේන්තු මන්ත්‍රී – ඡාතික ඡන බලවේගය

රනිල් මහත්තයා එච්චර යාළුවෙලත් ඔබතුමාලගේ කාටවත් මොනවත් දීලා නෑනේ මොනවක්වත්?
ඡනාධිපති අරමුදලෙන් ද? මං හිතන්නේ අපි කවුරුවත් ඉල්ලලා නැතුව ඇති. 2010 ට කලින් ගත්ත ලැයිස්තුව තාම එළියට ආවේ නෑ. ඒ ලැයිස්තුව එළියට ආවම ඕගොල්ලො පුදුම හිතෙන නම් ඔක්කොම එළියට එයි. තමන්ට වාසි සහගත නම් ටිකක් නේ එදා පාර්ලිමේන්තුවට ආවේ. ඒ ලැයිසිතුව ගත්තයින් පස්සේ බලාගන්න පුළුවන් කවුරු කවුරුදු මේ ඡනාධිපති අරමුදලින් මුදල් අරන් තියෙන්නේ.. ඡනාධිපතිවරුන්ගේ හිතවත්කම් උඩ, ඒ ගොල්ලන්ගේ තියෙන් සම්බන්ධකම් උඩ ඒ ලබා ගත්ත නම් ඔක්කොම එදාට එළියට එයි. 2010 ට කලින් ලැයිස්තුව අපි එළියට දාන්නම්. තමන්ගේ කණ්ඩායම ක්ලීන් කරන්න ඕන රට ක්ලීන් කරන්න කලින්. පක්ෂයෙන් ලිවුම් එවනවා නම් ප්‍රධාන ලේකම්වරියට මේ තමන්ගේ කණ්ඩායමේ අධ්‍යාපන සුදුසුකම් ටික මේක කියලා.. පාර්ලිමේන්තු සේවකයෝ ඒක දාපු ගමන් ඒගොල්ලො යනවා සී. අයි. ඩී… සී අයි ඩී යන්න ඕන මේ පාර්ලිමෙන්තු සේවකයන්ට විරුද්ධව නෙවෙයි තමන්ගේ පක්ෂෙට විරුද්ධව.

මුඡිබර් රහුමාන් – පාර්ලිමෙන්තු මන්ත්‍රී – සමගි ඡන බලවේගය

පාර්ලිමේන්තුවේ කථානායකතුමාට තියන බලය එතුමා විසින්ම කප්පාදු කරලා අපරාධ විමර්ෂන අංශයට භාර දෙනවා මේ ටික කරපන් කියලා. අධිකරණ අමාත්‍යතුමනි, ඔබතුමා උගත් බුද්ධිමත් අයනේ. ඉතිං කථානායකතුමත් එක්ක කතා කරන්න තිබුනනනේ. ඡනාධිපතිතුමාගේ ඉන්දියන් ගමනෙදි මෝදි අග්‍රාමාත්‍යතුමා මෙහෙම කරට අතදාගෙන කනට කොදුරලා කිව්වෙ මොනවද දන්නේ නෑ. එට්කා ඉක්කා කරන්නද? ඉක්කා එට්කා කරන්නද ? පිට කවරේ හරි ලස්සනයි. හැබැයි ඇතුලේ තියන කවර හිස්. අන්තිමට කැකුළු හාල් කිලෝ එක 260 යි 270 යි. ගම්පහ පැත්තේ එහෙම එතෙන්ට එනකං එට්කත් නෑ ඉක්කත් නෑ. කතා කරන්නෙත් නෑ.. කැකැළු හාලුත් නෑ දැන්..හිස්.
පූඡ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි – නායක – ඡන සෙත පෙරමුණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *