ජෙරම් ප්‍රනාන්දුට එරහිව පැමිණිලි රැසක්

ජෙරම් ප්‍රනාන්දු

දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් චීවරයකින් සැරසුණු පුද්ගලයෙකුගේ ලෙඩ සුව කරන වීඩියෝවක් මේ දිනවල සමාඡ මාධ්‍යවල සංසරණය වෙනවා. මෙම සිදුවීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා රාවණා බලය සංවිධානය සහ සිංහලේ සංවිධානය අද මල්වතු මහනාහිමියන් හමුවීමට පැමිණියා.

“අර ජෙරම් කියලා ෆාස්ටර් කෙනෙක්ගේ ප්‍රශ්නය හාමුදුරුවනේ.. එක හාදයෙක් මං හිතන්නේ මේ මිනුවන්ගොඩ පැත්තේ ත්‍රීවිල් එකක් එළවන පුද්ගලයෙක්. ත්‍රීවීල් පාක් එකක් ඉන්න එක්කෙනෙක්. “

“සිවුර දාලා.. කාදිනල්තුමා කිව්වේ ඒකද?”

“එහෙමයි නායක හාමුදුරුවනේ”

“කාදිනල්තුමා කිව්වනේ මේ සාමාන්‍ය කෙනෙකුට සිවුර දාලා කියලා “

“එහෙමයි නායක හාමුදුරුවනේ.”

“ඊට කලිනුත් නායක හාමුදුරුවනේ එයා ඒ වගේම හාමුදුරුවෝ කෙනෙක් ගෙනල්ලා තිබුණා. අපි නිහඩව ඉන්න ඉන්න එයා ඒක සෙල්ලමක් විදියට කරනවා දිගටම”

“එයා අනිත් එක නායක හාමුදුරුවනේ ඇප පිට නේ ඉන්නේ. එහෙම ඉන්න කෙනා ආපහු මේ හාමුදුරුවෝ ගෙනල්ලා.. දැන් ඒගොල්ලන්ට සනීප කරන්න ඕන නම්, නායක හාමුදුරුවනේ මහ රෝහලේ ඕන තරම් ලෙඩ්ඩු ඉන්නව නේ.”

“ඉස්පිරිතාල වැහෙයි.”

“මේකට නායක හාමුදුරුවනේ මොකක් හරි කරන්න වෙනවා අපිට”

“නීතියෙන්ම මොකක්හරි කරන්න ඕන.”

“නායක හාමුදුරුවනේ දුප්පත් ගම්වලින් හරියට බස් පිටින් සෙනඟ අදිනවලු බෞද්ධ මිනිස්සු. ආගමට හරවන එකත් එතන වෙනවා.”

“නායක හාමුදුරුවනේ මේක පොලිස්පතිතුමාට දැනුම් දීලා මේක පරීක්ෂණයක්.. ඒ කියන්නේ ආපු හාමුදුරුවරු ඇත්තද නැද්ද කියන එකවත් පොඩ්ඩක්.”

“මේකට හොද ලිපියක් ලියලා දෙන්නකෝ. නැත්තං කාදිනල්තුමාත් කියනවා නේ ආගම් බේදයක් ඇති වෙනවා කියලා. එතකොට අපි දෙගොල්ලොම කියනකොට ක්‍රියාමාර්ගයක් ගනී නේ.”

ලෙඩ්ඩු සුව කරනවා කියනවා. කොරුන් ඇවිද්දවනවා කියනවා, අන්ධයන්ට පෙනුම දෙනවා කියනවා, එතකොට බීරන්ට ඇහෙන්න සලස්වනවා කියනවා. මේ වගේ මිථ්‍යාදෘෂ්ටික වැඩ ගොඩාක් කරමින් ඉන්නවා. එයාට ලෙඩ සුව කරන්නම ඕන නම් මහ රෝහලට ගිහිල්ලා සුව කරපන්. ඕන තරම් ඉන්නවා. තට්ටු ගනන් වල ඉන්නවා මිනිස්සු. එතකොට පිළිකා රෝහලේ ඕන තරම් ඉන්නවා. සුව කරන්න කියලා අපි කියන්නේ. එක එක කුඩු ගහන, අයිස් ගහන වුන් ගෙනල්ලා සිවුරු අන්දපු උන් ගෙනල්ලා මේ බුදු දහමට අපහාස කරන්න හිතනවා නම්, කරුණාකරලා ඡෙරම්ට කියනවා ඔබ ඉන්නේ ඇප පිට. ඒ ඇප පිට ඉන්නෙත් බුදු දහමට අපහාස කිරීමක් නිසා. ඒක නිසා නැවත හිරේ ලගිනවද? මිරකල් ඩෝම්ද මොකද්ද මගුල ඩෝන් කරගන්නවද? කියන එක තමන් තීන්දු කරන්න ඕන.”

පූඡ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිසස්ස හිමි – මහ ලේකම් – රාවණා බලය

මේ අතර ඡන සෙත පෙරමුණේ නායක පූඡ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් ද අද මල්වතු හා අස්ගිරි මහ විහාර වෙත පැමිණ මේ සම්බන්ධයෙන් පැමිණිලි කළා.

“ජෙරම් කියන පුද්ගලයා මීට පෙරත් බුදු දහමට නින්දා අපහාස කිරීම් නිසා පැමිණිලි කරලා තිබුණා. භික්ෂුවක් නමින් කෙනෙක් යොදාගෙන නින්දා අපහාස කරන බවක් අපට පේනවා.”

“දැන් මේ ඇත්තෝ වෙන රටක ඔහොම දෙයක් සිදු වුණානම්, මෙලහට නීතිය ක්‍රියාත්මක කරලා එයාට අවශ්‍ය කරන දඩුවම් දීලා. මං දන්නෑ අපේ රටේ මොනවද මේ වෙන්න යන්නේ කියලා.”

“අපි මේ වෙනවිටත් වර්තමාන රඡයේ ඒ වගකීම් දරන අංශවලට දැනුවත් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නෙයි කියන කාරණය”

“මම පොපොට් ඡෙරම්ගෙන් අහන්න කැමතී තමුසෙට කොහෙන්ද පොපොට්කම ලැබුනේ. ඡාතිවාදය අවුසසලා, ආගම්වාදය ගෙනල්ලා දැන් තමුසේ නට නටා යන නාඩගම කරුණාකර නතර කරපිය. දෙවියන්වහන්සේ විකුණාගෙන කන හිඟන්නෙක් බොල තෝ කියන එක මං මේ අවස්ථාවේ සිහිපත් කරන්න කැමතී. අනේ ක්‍රිස්තියානි ධර්මය විනාස කරන්න ආපු ප්‍රොපට්ට ගන්නා තීරණය මං අහන්න කැමතී කාදිනල් අඟරදගුරුතුමාගෙන්. වත්මන් රඡය ගන්නා තීරණ අපි බලන් ඉන්නවා. “

පූඡ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි – නායක – ඡනසෙත පෙරමුණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *