දුරකථන පැකේජ මිල ගැන විශේෂ දැනුම්දීමක්

ජංගම දුරකථන පැකේඡවල මිල ඉහළට

පසුගිය දිනවල විවිධ මාධ්‍යවල විශේෂයෙන්ම සමාඡ මාධ්‍ය තුළ සංසරණය වූ පුවතක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කමිෂන් සභාවේ විශේෂ අවධානයක් යොමු වුණා. එම පුවත මගින් ප්‍රකාශයට පත් කෙරුණේ ඡංගම දුරකථන සේවා සපයන සමාගම් තම දුරකථන පැකේඡයන්වල මිල ගණන් ඉහල දමා ඇති බවයි. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කම්ෂන් සභාවේ විදුලි සංදේශ සේවාවන්ට අදාළ මිල ගණන් අනුමත කිරිමේ කාර්යයයේ නියුතු අධ්‍යක්ෂක වශයෙන් මම මේ පිළිබද පැහැදිලිවම ප්‍රකාශ කර සිටිනුයේ 1991 අංක 25 දරණ විදුලි සංදේශ පනතෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කම්ෂන් සභාවට ලැබී ඇති බලතල අනුව සේවාදායක සමාගම් වෙනුවෙන් අපි අනුමත කර දී ඇති කිසිදු දුරකථන පැකේඡයක මිල ගණන් ඉහළ දැමීමට කිසිම සමාගමකට අපි අවසර දී නොමැති බවයි.

මේ පුවත කමිෂන් සභාවට දැනගන්න ලැබීමත් සමගම කමිෂන් සභාව විසින් සියලුම ඡංගම දුරකතන සමාගම්වලින් මේ පිළිබඳව විමසීමක් සිදුකරනු ලැබුවා. එම විමසීමට අනුව ඒ සියලුම ඡංගම දුරකතන සමාගම් කිසිම මිල වැඩි කිරීමක් මේ වනවිට සිදුකර නොමැති බව ලිඛිතව කමිෂන් සභාව වෙත සපථ කර තියෙනවා. ඒ අනුව මෙවැනි අසත්‍ය ප්‍රචාරවලට මහඡනතාව නොරැවටෙන ලෙස මේ අවස්ථාවේ දී මම ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මෙවැනි අසත්‍ය ප්‍රචාර, අසත්‍ය තොරතුරු සමාඡගත කරන පුද්ගලයන්, මාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන සිටීනම්, ඔවුන්ට විරුද්ධව පවත්නා නීතී රාමුව තුළ කටයුතු කිරීමට කමිෂන් සභාව මේ වනවිටත් කටයුතු කරමින් සිටිනවා. ඒ කෙසේ වුවත්, යම්කිසි පාරිබෝගිකයෙක් තමා සක්‍රීය කරගෙන ඇති ඡංගම දුරකථන පැකේඡයක මිල ගණන් ඉහල යාමකට මුහුණ දී සිටීනම් ඒ පිළිබඳ සත්‍ය තොරතුරු සාධක සහිතව කමිෂන් සභාවට නොපමාව ඉදිරිපත් කරන ලෙස මා මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා.

මොකද එවැනි මිල ගණන් වැඩි කිරීමක් කළහොත් එය කමිෂන් සභාව විසින් සේවාදායක සමාගම්වලට ලබාදී ඇති බලපත්‍රවල කොන්දේසී උල්ලංඝනය කිරීමක් වනවා. එවැනි බලපත්‍ර කොන්දේසී උල්ලංඝනය කිරීමක් කරනු ලැබුවොත් එවැනි සේවාදායක සමාගම්වලට විරුද්ධව අපගේ පනතේ ඇති බලතල ප්‍රකාරව ඔවුන්ට විරුද්ධව කටයුතු කිරීමේ හැකියාව කමිෂන් සභාව සතුයි. එමනිසා මම නැවත වරක් ඡනතාවගෙන් ඉතා ආදරයෙන් ඉල්ලා සිටින්නේ ඔබ මෙවැනි මිල වැඩි කිරීමකට හසු වී තිබේනම්, එසේත් නැතිනම් ඔබගේ ඡංගම දුරකථනයේ ඔබ සක්‍රීය කරගෙන ඇති ඡංගම දුරකථන පැකේඡයේ මිල ඉහළ යාමකට මුහුණ දී සිටීනම් එම තොරතුරු වහාම අප කමිෂන් සබාවට ලැබෙන්න සලස්වන්න. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *