දුමින්ද සිල්වා බන්ධනාගාරයේ විදින සුර සැප

දුමින්ද සිල්වා

ශාන් ගනේගොඩ – ” ONLINE SAFTY පනත යටතේ මාව රක්ෂිත බන්ධනාගාරගත කරා. ටිරාන් අලස්ගේ වොයිස් රෙකෝඩ් එකක් දැම්මා කියන එක යටතේ. ඒ ඊසෙල් එකේ මොබයිල් ෆෝන් ගොඩක් තියෙනවා. ඒ මොබයිල් ෆෝන් ගෙනත් දෙන්නෙ බන්ධනාගාර නිලධාරීන්ම තමා . විසිපන්දාහට තිස් දාහට මම දැකපු දෙයක් තමා දුමින්ද සිල්වා හිටපු වෝඩ් එකේ ඒ වකවානුවේ කෙහෙළියත් හිටියා. දුමින්ද සිල්වාට හැම වැඩක්ම කරන්න ඉන්නේ රැදවියෝ.

කෙහෙළියගේ ඇදුම් පවා අයන් කරන්නේ රැදවියෝ . එතකොට මේවා දෙන්නෙ කවුද කියන එකයි ප්‍රශ්නෙ තියෙන්නේ . බන්ධනාගාර කොමසාරිස්වරයාට කතා කරල ඇහුව කොහොමද මේ දේවල් දෙන්නෙ මේ මරණ දණ්ඩනියම වෙච්ච සිරකරුවන්ට මේ දුමින්ද සිල්වා ට දෙන පහසුකම් ටික දෙනවද කියලා. එතුමා ෆෝන් එක කට් කරා .

දුමින්ද සිල්වා ට වෙනම තියෙනවා වොෂ් රූම් එකක්. ඒ වොෂ් රූම් එකේ තමයි ලැප් ටොප් මොබයිල් ෆෝන් ඔක්කම ටික තියෙන්නේ . මොන ලෙඩක් මොන අමාරුවක් තිබුණත් මෙයාට ඒ මනුස්සයා හරියන්නේ නැති නම් මෙයා කියනවා ඩොක්ටර්ට යවන්න කියල . එතකොට බන්ධනාගාර හොස්පිටල් එක පාලනය කරන්නේ කවුද ? වෙන මරණ දණ්ඩනය නියම වෙච්චි රැදවියනට විශේෂිත දවසකට වෙසක් පොහොයක් , නත්තලක් දවසකට විතරයි කෑම ටික ගන්න පුළුවන්. මේ මනුස්සයට හැමදාම කෑම . “

සභාපති – සුදේශ් නන්දිමාල්

“සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අද මාධ්‍ය හමුවක් පවත්වමින් බන්ධනාගාර රෝහල තුළ සිදුවන ක්‍රියා රැසක් සම්බන්ධයෙන් විශේෂණාවරණයක් සිදුකළා. සිරකරුවෝ මනුෂ්‍යයෝ කියන එක බෝඩ් ලෑල්ලකට පමණක් අද බන්ධනාගාර වල සීමාවෙලා තියෙන්නෙ. ඉතාම අමානුෂිකයි සලකනවා. කන්න පුළුවන් ආකාරයට නෙමෙයි ඔවුන්ට ආහාර පාන ලබාදෙන්න. අපි ඉල්ලා සිටිනවා ජනාධිපතිතුමාගෙන් හිටි හැටියේ යන්න දවල් 12 ට විතර බන්ධනාගාරය තුළට .අන්න එතකොට තේරෙයි මෙතන අමනුශිකයි කියල .”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *