දුම්රිය යට කල මවගේ සහ දුවගේ සෙල්ෆිය

දුම්රිය යට කල මවගේ සහ දුවගේ සෙල්ෆිය

අනුරාධපුර මහඡන ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ටයිකොන්ඩෝ තරගාවලියකයට සහභාගී වීම සඳහා රත්නපුරේ සිට මෙම කාන්තාව සහ තරුණිය ඇතුළු පිරිසක් පැමිණ තිබුණා. ඔවුන් අනුරාධපුර නව නගරයේ දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයේ සෙල්ෆි ඡායාරුප ගනිමින් සිටියදී යාපනේ කන්කසන්තුරේ සිට කොළඹ බලා ධාවනය වන සීඝ්‍රගාමි දුම්රියේ ගැටී තිබෙනවා.

ඔවුන් සමඟ ඒ අවස්ථාවේදී තරුණයෙකු ද සිට ඇති අතර ඔහු දුම්රියේ ගැටී තිබුනේ නැහැ. දුම්රියේ ගැටීමෙන් 37 හැවිරිදි කාන්තාවක් සහ 18 හැවිරිදි තරුණියක එම අවස්ථාවේදීම ඡිවිතක්ෂයට පත්ව ඇත.

මෙයාලා රේල් පාර මැද්දට පැනලා ෆොටෝ ගගහ හිටියා. කෝච්චිය එද්දිත් ෆොටෝ ගගහ හිටියා. කෝච්චිය අරහෙන් ආවා. මේ අයිනට ගියා තුන් දෙනාම. අයිනට ගිහින් ඉවර වෙලා.. පළවෙනි එක්කෙනා වැදුනා කෝච්චියේ.. අපි කෑගැහුවා. මායි වයිෆුයි කෑගැහුවා බේරෙන්න කියලා. කෑගහද්දි එයාලා එහා පැත්තට පනින්න කියද්දි එහා පැත්තට පැන්නේ නෑ මෙහා පැත්තට පැන්නා. පෙට්ටි තුනක් ගැහිල්ලා දෙවැනි එක්කෙනා වැදුනා. ඊළඟට කොල්ලා වදින්න හිටියේ.

කොල්ලා ඉද ගත්තා ඔතන. කොල්ලා ඉද ගත්ත හින්දා කොල්ලා බේරුණා. එ් තප්පරේටම නතර කරා කෝච්චිය. සාමානයයෙන් කෝච්චිය 100 ට විතර යනවා මෙතනින්. මීටර් 10 ක් තියෙද්දි මුන් සෙල්ෆි ගගහ හිටියා. මෙහෙ නෙවෙයි රත්නපුරේ. අද මොකද්ද තරගයක් තියනවා ඒකට ඇවිල්ලා තියෙන්නේ.

සිද්ධිය ඇසින් දුටුවෙක්

මිය ගිය අයගේ සිරුරු ශ්‍රාවස්තිපුර දුම්රිය ස්ථානයට භාර දී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *