දුම්රිය ප්‍රමාදය වළක්වන්න අලුත් සැලැස්මක්

දුම්රිය

ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පවතී සාකච්චාවේදී දුම්රිය ප්‍රමාද වීම , බදවා ගැනීමේ ගැටළු සහ තාක්ෂණික ගැටළු වැනි කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්චා කර තිබෙනවා .

වර්තමාන දුම්රිය සේවයේ ප්‍රධාන ගැටලු දෙකක් හදුනාගෙන තිබෙන බව එතුමා පැවසීය.

  1. ප්‍රමාදය වළක්වා ගන්න
  2. අතරමග නතර වීම වළක්වා ගන්න

මේක දැන් අවුරුදු 20 විතර අතැරලා දාලා ඉතා අමාරුවෙන් තමයි යන්නේ . ඒ වෙනුවෙන් අපි දැනට තිබෙන මේ දුම්රිය සේවය දියුණු කරගන්න අයවැය යෝජනා ඉදිරපත් කරලා තිබෙනවා. විශේෂයෙන්ම භාණ්ඩ ප්‍රවාහනය වැඩි දියුණු කරන්න .

අඩු ගානේ ටිකට් හරි දීගන්න බැරි වෙලා තිබිල තියෙනවා. තාක්ෂණික සේවයේ ඇති විශාල පුරප්පාඩු තිබෙනවා. රියදුරන් 200 ගණනක අඩුවක් තිබෙනවා. ඒ නිසා තාක්ෂණ ක්ෂේත්‍රයේ නිලධාරින් බදවා ගන්න ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිමය එකගතාව ලැබුනා. ඉන්දියාවෙන් එන්ජින් 20 ලැබෙන්න නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *