දුම්රිය අලුත් වෙයි ජනතාවට යහපත් සේවාවක්

දුම්රිය

දුම්රිය දෙපාර්තුමේන්තුව ලංකාවේ ජන ජීවිතයට ඉතාම වැදගත් ආයතනයක් බව ධම්මික මහතා පවසයි. දුම්රිය දෙපාර්තුමේන්තුව ඉදිරියට ගෙන යාම නව රජයේ ඇති ප්‍රතිපත්තියට අනුව පොදු ප්‍රවාහනය සදහා 70%ක් යොමු කිරීමේ අරමුණ බවයි ඔහු තවදුරටත් පැවසුවේ. එම අරමුණ වෙත යාමේදී දුම්රියට ඉතා විශාල වගකීමක් ඇති බව ද ඔහු පවසා සිටියා. තව දුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ දුම්රිය දෙපාර්තුමේන්තුව වඩාත් ජන හිත කාමී සේවාවක් සදහා ඉදිරියට ගෙන යාමේ වගකීම තමන් භාරගන්නා බවයි.

මෙම දෙපාර්තුමේන්තුවේ ඉතා පළපුරුදු සේවක පිරිසක් සිටින බවත් සුනාමියෙන් විනාශ වූ දුමිරිය මාර්ගය දින 57 සදා නිම කල බවත් ඔහු මෙම අවස්ථවේදී සිහිපත් කලා. ප්‍රවාහන අමාත්‍යංශයේ සහයෝගය ගෙන වඩා හොද ජනතාව ඉල්ලන සේවාවක් ලබා දෙන බවත් ධම්මික මහතා ප්‍රකාශ කළා. මෙම දෙපාර්තුමේන්තුවට පුද්ගලයන් වැදගත් නොවන බවත් සේවාවෙන් ඇගයීම ලැබෙන බවත් යම් කාලයක් මෙම දෙපාර්තුමේන්තුවේ කටයුතු කළා නම් කාර්යමණ්ඩලයේ සියලු දෙනාට එම ගෞරවය හිමි වන බව ද ඔහු පැවසීය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *