දවුලගල සිසුවිය බේරාගැනීමට ඉදිරිපත්වූ තරුණයා කියන කතාව

lankaccnews.com

මහනුවර දවුලගල ප්‍රදේශයේ දී මෙම සිසුවිය තවත් සිසුවියක සමග මහාමාර්ගයේ ගමන් කරමින් සිටියදී වෑන් රථයකින් පැමිණි පිරිසක් පැහැර ගැනීම සිදු කර තිබෙනවා. මෙම සිදුවීම සමාඡ මාධ්‍යයේ ද සංසරණය වී ඇති අතර පොලීසියට ලැබුණු පැමිණිල්ලක් මතයි පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ. සිසුවිය බේරා ගැනිමට තවත් තරුණයෙකු පොර බදන ආකාරය සී.සී.ටීවී දර්ශනවල සටහන්ව තිබුණා.

සිසුවිය බේරා ගැනීමට ඉදිරිපත් වු තරුණයා

“ මං ගිහිල්ලා ගැහුවා. අතහරින්න කිව්වා. අතැරියේ නෑ. මං ට්‍රයි කරා.. ට්‍රයි කරා. තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා මාව තල්ලු කරලා ගියා. වෑන් එකේ තුන් දෙනෙක් හිටියා. මගේ අත චුට්ටක් තුවාල වුණා. එයා මගේ අත හැපුවා. තල්ලු කරද්දි මං වැටුණනේ. කකුල තුවාල වුණා.”

පැහැර ගැනිමට යොදාගත් වෑන් රථය පොළොන්නරුව ප්‍රදේශයේ දමාගොස් තිබියදී සොයා ගැනුණා. එහි රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ. 

UPDATE

මෙලෙස පැහැරගත් පාසල් සිසුවිය අම්පාර බස්නැවතුම්පොළ අසලදී හමුවී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *