දවුලගලදී පැහැරගත් සිසුවියගේ පියා කියපු කතාව

lankaccnews.com

ගම්පොළ දවුලගල ප්‍රදේශයේදී වෑන් රථයකින් පැමිණි පිරිසක් පාසල් සිසුවියක් පැහැරගෙන ගොස් තිබුණේ පෙරේදා උදෑසනයි. පැහැරගැනීම සම්බන්ධයෙන් පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබුණේ සිසුවියගේ පියාගේ සහෝදරියකගේ පුත්‍රයකු විසින් පැහැර ගැනීම සිදුකර ඇති බවයි. ඒ ඔවුන් දෙදෙනාගේ විවාහය සඳහා අකමැත්ත ප්‍රකාශ කිරීම හේතුවෙන්.

පසුව පොලිස් විමර්ශන ඔස්සේ සිසුවිය පැහැර ගත් වෑන් රථය රියදුරු සමඟින් පොළොන්නරුවේදී අත්අඩංගුවට ගැනුනා. සැකකරු සොයා පොලිස් කණ්ඩායම් තුනක් විමර්ශන ආරම්භ කළ අතර පැහැරගැනීමට ලක් වූ පාසල් සිසුවිය සහ පැහැර ගැනීම සිදුකළ සැකකරු අද උදෑසන පොලිස් භාරයට ගැනුණේ ඒ අනුවයි. පොලිසිය පැවසුවේ මහනුවර බලා පිටත්වයාමේ අරමුණින් අම්පාර බස් නැවතුම්පොළේ බස් රථයක් තුළ රැඳී සිටියදී ඔවුන් දෙදෙනා සිය භාරයට ගත් බවයි.

මැදිහත් වෙලා පොලිසි මහත්තයාත් ගොඩක් මහන්සිවෙලා මගේ දුව බේරලා දෙන්න තමයි කිව්වේ. කොහොමහරි දවස් දෙකක් තුනක් රෑ දවල් බලන් නැතුව කන්න බොන්නෙත් නැතුව මාත් එක්ක එකතුවෙලා කොහොමහරි මේවා ඇල්ලුවා. මට ගොඩක් සන්තෝසයි. මට දුවට මොනවද හානි කරල නෑ ගොඩක් සන්තෝසෙන් ඉන්නේ මගේ දුව මට ලැබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *