දවස ගානේ පේනවා පුදුම වෙන්න එපා

lankaccnews

“මට පේන්නේ මේ ආණ්ඩුවට හරියට වැඩක් කරගන්න බෑ. මතකනේ පාර්ලිමේන්තුවේ පළවෙනි සතියෙම කිවුවා රනිල් වික්‍රමසිංහ දුන්නු බාර් ලයිසන් කැන්සල් කරනවා කියලා. දැන් කියනවා බිමල් රත්නායක ඒ බාර් ලයිසන් කැන්සල් කරන්න බැරිලු ඒවා නීත්‍යානුකූලව දීලා තියෙන්නේ කියලා. මාර කතාවක් නේ මේක. දැන් ඊළගට කිවුවොත් බැදුම්කර නඩුව නීත්‍යානුකූල වෙලා තියෙන නිසා අපිට නීතිය ක්‍රියාත්මක කරන්න බෑ කියලා. ඒ ගැනත් පුදුමයට පත් වෙන්න දෙයක් නෑ. ආණ්ඩුවේ නොහැකියාව දවස ගානේ අපිට පේනවා. කොළඹ වරායට ආපු බහාලුම් 300 ට වැඩි ප්‍රමාණයක් කිසිදු පරීක්ෂාවකින් තොරව නිදහස් කරලා තියෙනවා. අපි දැක්කා නිලධාරීන් සී.අයි.ඩී. එකටත් ගිහින් තියෙනවා. ඒ කන්ටේනර්වල මොනවද තිබුණේ. “

නලීන් බණ්ඩාර – පා.ම. සමගි ඡන බලවේගය

මේ කියන 300 ගාණ එළියට දැම්මෙත් තුන් දෙනෙක්ගේ කමිටුවක් හරහා. ඉතිං හැමතිස්සෙම මේකේ අන්තරායක් තියෙනවා. අපිට වරායට එන කන්ටේනර්ස් 2000 ම අපිට කවදාවත් ඉන්ස්පෙක්ෂන් කරලා එළියට දාන්න බෑ. එහෙම දෙයක් වුනොත් රඡයක් විදියට වගකීම් භාරගන්න වෙනවා. දැන් මේක කියන කතාවක් විතරනේ. තාම එහෙම දෙයක් ඔප්පු වෙලා නෑ නේ. විස්තර දත්ත ඔක්කොම තියනවා. දැන් මේ කන්ටේනරය එළියට දැම්මා කියලා මේක අපි දන්නේ නැති තැනකට ගිහිල්ලා නෑ නේ. ඒ අදාළ කන්සයිනර්ගේ නම තියෙනවා. එඩ්රස් එක තියෙනවා. මේ කන්ටේනරය තියෙන තැන අපි දන්නවා.”

ඉංඡිනේරු ඡනිත් රුවන් කොඩිතුවක්කු – වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝඡ්‍ය අමාත්‍ය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *