මැතිවරණයෙන් පසු කට ඇරිය දයාසිරි ජයසේකර :-
පළමු මැතිවරණයෙන්ම අනුර දිසානායක මහතා ජනාධිපති ලෙස පත් කළා . එතනින් පස්සේ 42%ක් වූ පළමු ප්‍රතිපලයට වඩා ඉතාම දැවැන්ත ජන බලයක් ඔවුන්ට ලබාල දීලා තියෙනවා.
ඉතින් අපි ඒ ජන මතයට ගරු කල යුතුයි. මොකද හේතුව ජනතාව ඉතා පීඩනයකින් හිටපු ජනතාවක් ඔවුන් එයින් මිදෙන්න ඔවුන් යම් බලාපොරොත්තුවක් ජාතික ජන බල වේගය මත තියලා තිබෙනවා.
මේක අපි පිළිගත යුතුයි. මාගේ ආරම්භක කතාවෙත් මං කිව්වේ මේ රටේ අද වෙනකොට උතුරේ හෝ දකුණේ තිබිච්ච සිංහල , මුස්ලිම් හෝ දෙමළ පක්ෂ ඩෑහැගෙන තිබිච්ච තමන්ගේ ආධිපත්‍ය එක කදවුරකට ලබා දීම තුල ජාතිය වාදය , අවස්ථා වාදය නැතිනම් පක්ෂවල බල පුළුවන් කාරකම් සියල්ල අවසන්.
ඉතින් මං හිතන්නේ අවුරුදු ගණනාවකට පස්සේ ලැබුන දැවැන්ත ජන මතයක් . ආසන 159ක් .ඒ තුළ මං හිතන්නේ බය නැතිව , කාගෙන්වත් ඒ කියන්නේ එක එක පක්ෂ වලට යට වෙන්නේ නැතිව ඒ සියලු බලපෑම් අවසානයි.
දැන් තියෙන්නේ ඔවුන්ට බය නැතිව ඔවුන්ගේ අරමුණු ක්‍රියාත්මක කර ගෙන යන්න. කවදාවත් ලංකා ඉතිහාසයේ දේශපාලන පක්ෂයකට එහෙම බලයක් ලැබුනේ නැහැ. පසු ගිය ආණ්ඩු සහ ජනාධිපතිවරු හිර වෙච්ච අවස්ථා තිබුනා. දැන් ඒ කරනා කිසිවක් නැහැ.
මම ගොඩක් අගය කරන කාරණයක් තමයි ජාතික ජන බල වේගය කියන වියාපාරය තුළ හික්මීම , විනය සහ ක්‍රියාමාර්ග වලට ඔවුන්ගේ තිබෙන ශක්තිය අනෙක් පක්ෂත් සමග ගත්තහම බලය පිළිබදව විශාල අරබුධයක්, පක්ෂ ඇතුළේ නායකයන් පිළිබදව අර්බුධයක්. ඒ සංස්කෘතය දැන් අවසානයි.
දයාසිරි ජයසේකරමේක ඉතාම හොදයි. මේක තමයි රට තුළ සිද්ද වෙන්න ඕනි කරණය. ඔහුට චන්දය ලබා දුන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලුම ජනතාවට දයාසිරි ජයසේකර මහතා ස්තූතිය පුද කළා. ඒ වගේම එතුමාගේ විපක්ෂ තුළින් ඉටු විය යුතු කාර්ය අකුරට ඉටු කරන බවත් පැවසුවා . වැරදි ක්‍රියාමාර්ග වලට ඒ වගේම දැඩි ලෙස ඒ විවේචනය කරන්න කටයුතු කරන බවත් එක ඔවුන්ගේ අයිතියක් බවත් සහ විපක්ෂයේ මතය රටේ අභ්‍යන්තරයට රැගෙන යා යුතු බවත් පැවසීය .