Jeju Air සමගමට අයත් Boeing 737-800 යානය දකුණු කොරියාවේ Muan හි BellyLanding එකක් සිදු කරමින් සිටියදී ධාවන පථයෙන් ඉවතට පැන වැටක ගැටීමෙන් අද (29) පෙරවරුවේ අනතුරක් සිදුවුනා.
මගීන් 181 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකු රැගත් 7C2216 ගුවන් යානය බැංකොක් නුවරින් පිටත්ව Muan වෙත යමින් සිටියදී Birdstrike එකක් හේතුවෙන් Landing Gears දෝෂයකට ලක්ව ඇති බව වාර්තා වේ.
යානය HL8088 ලෙස ලියාපදිංචි කර ඇති අතර එය වසර 15 ක් පැරණි බව වාර්තා වනවා. Jeju Air සමාගම වෙත 2017 දී භාර දුන් අතර මීට පෙර Ryanair සමාගම සමඟ ක්‍රියාත්මකව තිබූ බව වැඩිදුරටත් වාර්තා වනවා.
මේ වන විට පුද්ගලයින් 179 දෙනෙකු මිය ගොස් ඇති අතර 2 දෙනෙකු බේරාගෙන ඇත. Azerbaijan Airlines E190 කසකස්තානයේ කඩා වැටීමෙන් පසු සතියක් ඇතුළත සිදුවූ දෙවන මාරාන්තික අනතුර මෙය වනවා.