තෙල් සංස්ථාවේ සභාපති සහෝදරයා දෙගුණයකින් පඩි ගන්නා බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බල වේගයේ කැදවුම් කරු ආනන්ද පාලිත මහතා ප්රකාශ කළා. මෙම සභාපති රාජකරුණා සොහෝදරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට යන බව පැවැසූ බව ආනන්ද පාලිත මහතා ප්රකාශ කළා. ඒ ඔහුට එරහිව අරුණ පුවත් පත මගින් පල කරන ලද පුවතක් සම්බන්ධයෙන්.
තෙල් සංස්ථාවේ සභාපති රු. 6 25 000 වැටුපක් ලබා ගන්නා බවත් ඔහු ස්ථිර සේවකයෙක් ලෙස හිටපු ඔහු කොන්ත්රාත් සේවකයෙක් වන බවත් ස්ථිර සේවකයෙක් ලෙස සිටියදී ගත් ණය කොන්ත්රාත් වැටුපෙන් අඩු කර ගන්නා ලෙස ද පවසා තිබෙන බවත් තෙල් සංස්ථාවේ සභාපති A3 තනතුරේ සිටිය බවත් ඔහුට ලැබුනේ රු. 235 595 ක වැටුපක් බවයි ආනන්ද පාලිත මහතා ප්රකාශ කළේ .
කළමනාකරු ලෙස ලැබෙන රු. 47 115 ක දීමනාව ඊට එකතු වුනු බවත් මේ සියලු දේ දෙන්නේ පර්යන්ත කළමනාකරුට බවයි ඔහු වැඩි දුරටත් පැවසුවේ. තෙල් සංස්ථාවේ සභාපති පර්යන්ත කළමනාකරු ලෙස ලබා ගන්නා සියල්ල එකතු කලත් ඔහුට ලැබෙන්නේ රු. 323 000 ක් බවත් අධ්යක්ෂ මණ්ඩල පත්රිකාවක් දල රු. 625 000 කර ගෙන ඇති බවයි ආනන්ද පාලිත මහතා ප්රකාශ කළා. මොහු ඔහුගේ වැටුප දෙගුණයක් කර ගෙන ඇති බවට චෝදනා එල්ලා කළා.
තෙල් සංස්ථාවේ පරණ සභාපතිවරු කරපු සෙල්ලම් කරන්න නෙමේ නේ ආවේ . සරලව යන්න නේ . ඔහු හිටපු වැටුපට වැඩ දෙගුණයක් වැටුප් ගන්නවා. කජු සංස්ථාවෙන් කජු ගත්ත බිල් සියල්ල ඔහු සතුව ඇති බවයි ත දුරටත් අදහස් දක්වමින් ආනන්ද පාලිත මහතා ප්රකාශ කලේ. සභාපතිවරයා මේ සියල්ලට පිළිතුරු දිය යුතු බවයි ඔහු පැවසුවේ .