හිනිදුම මහාබෝධි වත්ත ප්‍රදේශයේ ලැගුම්හලක් තුළ දී ඊයේ රාත්‍රීයේ 11.15 ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබුණා. යතුරු පැදියකින් දෙදෙනෙක් පැමිණ ඇති බවත්, ඉන් අයෙක් ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති බවත් පොලිසිය පවසනවා. ලැගුම්හල තුළ පුද්ගයින් 5 දෙනෙක් මත්පැන් පානය කරමින් සිට ඇති අතර ඉන් තිදෙනෙකු වෙඩි ප්‍රහාරයෙන් එම ස්ථානයේදීම චිවිතක්ෂයට පත්ව තිබුණා. පොලිසිය පැවසුවේ අනෙක් දෙදෙනා එම ස්ථානයෙන් පළා ගොස් ඇති බවයි. ඡිවිතක්ෂයට පත්ව ඇත්තේ ලැගුම්හලේ හිමිකරු වන 55 හැවිරිදි ඉදුනිල් සමන් කුමාර, අම්බලන්ගොඩ පදංචි එම්. නෙවිල් හා හිනිදුම පදිංචි 34 හැවිරිදි චතුරංග යන අයෙක්. ඔවුන්ගෙන් අයෙක් පුද්ගලයන් විදෙස්ගත කරන බව පවසා විවිධ පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන ඇති බව පොලිසිය පවසනවා. ඒ සම්බන්ධ ආරවුලක් මත මෙම ඝාතණය සිදු කරන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ. පොලීසිය පවසන්නේ ඝාතනයට ලක් වූ තිදෙනාට කිසිදු පාතාල සබඳතාවක්ද නොමැති බවයි. වෙඩික්කරුවන් පළාගොස් ඇති අතර සිද්ධිය පිළිබඳ විමර්ෂණ දකුණු පළාත භාර ඡේෂ්ඨ නියෝඡ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතාගේ අධීක්ෂණයෙන් සිදු කෙරෙනවා.
Related Posts
රනිල් වික්‍රමසිංහ මහත්තයා හිරේ දාන්න
අපිට ඡනාධිපතිතුමාගේ චන්ඩි පාට් වැඩකුත් නෑ. අපි දන්නව ඔබතුමාලා චන්ඩි කියලා. හොරකම් කරලා තියෙනවා නම්, බැදුම්කරයට වගකියන්න ඕන නම්, රනිල්…
නාමල් කරුණාරත්න මුනිවත රකී ලැජ්ජාවක් බයක් නැද්ද ?
පොහොර නැති වෙන කොට ඒවගේම ගොවියාගේ වගා හානි වෙනකොට ආණ්ඩුවට කොහොමද බලපෑම් කරේ . ආණ්ඩුවට බලපෑම් කරේ රුපියල් 40000 ක්…
උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට
රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අසල්වැසි නිවසේ සිටි පුද්ගලයෙකුට පහර දීමේ චෝදනාව මත මේ වන විට රක්ෂිත බන්ධනගාර ගත…