“පාන්දර 4.30 ට විතර මෙතනින් ටවුන් වරායෙන් තමයි පිටත් වුනේ. මාළු මාකට් එක පිටිපස්සේ තමයි තියෙන්නේ අපේ බෝට්ටු යන තැන. එතන ඉදලා කිලෝමීටර් 36 ක් විතර ගියාට පස්සේ තමයි මට මේ ප්ලේන් එක හම්බුනේ වතුරේ තිබිලා. ඊට පස්සේ අපි ප්ලේන් එක වටේ, පොඩ්ඩක් මාළු ඉන්න හින්දා කරකව කව මාළු ඇද ඇද හිටියේ. ඊට පස්සේ මං 7.30 ට විතර ඔක උස්සලා දා ගත්තා බෝට්ටුව ඇතුළට.
දාගෙන දැන් ඕකෙන් කාටහරි ප්රයෝඡනයක් හරි ඕන හින්දා තමයි මං රෑ වෙනකන්ම මුහුදෙ මාළු ඇද ඇද ඉදලා ගොඩ අරන් ආවේ. ඒ අරන් ඇවිල්ලා පොලිසියට දැනුම් දුන්නා. මෙන්න මේ වගේ දෙයක් මං අහුලං ආවා සර්.. මේකට මොකද්ද කරන්නේ කියලා. ඒ පාර සර් කිවුවා නාවික හමුදාවට දැනුවත් කරන්නම්.. එයා ෆෝස් එකට..ඕක අතක පයක ගා ගන්න එපා. අල්ලන්න කරන්නත් එපා කියලා. ඒගොල්ලෝ ආවට පස්සේ මේවා බලයි කියලා.”