එක්සත් ජාතික පක්ෂයේ නව මහලේකම් ලෙස ලෙස පත් කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ තලතා අතුකෝරාළ මහත්මිය අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළා
තලතා අතුකෝරාළ මහත්මිය :-
” මේ තනතුර මට අභියෝගයක්. මොකද මේ අභියෝගය බාරගන්න මං හරි කැමතියි. එක අතකින් මං සන්තෝස වෙනවා කාලෙකට ඉස්සෙල්ලා මගේ එකම සහෝදරයා මේ තනතුර දරමින් රටේ සියලුම පාක්ෂිකයින්ගේ විශ්වාසය දිනාගෙන වැඩ කටයුතු කරා. මම දැක්කේ එයා දේශපාලනය කරනවා විතරයි. එතකොට ඒ ගමන් මගේ ගිහිල්ල අපි සියලු දෙනාම එකතු වෙලා මේ පක්ෂය ජයග්රහණය කරනවා කියන්නේ රටේ ජනතාවගේ ජයග්රහණයක්. විශේෂයෙන් මතක් කරන්න ඕනේ ගරු නායකතුමා රනිල් වික්රමසිංහ මැතිතුමාගේ පූර්ණ ආශිර්වාදය තියෙනවා. අපි සියලු දෙනාම අපෙන් කැඩිලා වෙන්වෙලා ගිහින් ඉන්න අය ,ඈත් වෙලා ඉන්න අය මේ සියලු දෙනාම එකතු කරගෙන මේ රටේ ජනතාව වෙනුවෙන් යමක් කරන්න පුළුවන් දැවැන්ත පක්ෂය ජයග්රහණය කරන්න එතුමාගේ පූර්ණ ආශිර්වාදය මත තමයි කටයුතු කරන්න මම බලාපොරොත්තු වෙන්නේ. “
රුවන් විජේවර්ධන :-
” අද එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනාම එක්සත් කරගෙන පක්ෂය ශක්තිමත් කරගෙන ඉදිරියට යන්නට තලතා අතුකෝරාළ මහත්මියට දක්ෂතාවය තියෙන බව අපි විශ්වාස කරනවා.
වජිර අබේවර්ධන :-
අලියා ලකුණ යටතේ එන පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයත් එක්සත් ජාතික පෙරමුණත් අනෙකුත් සියලු දේශපාලන පක්ෂයත් එකට එකතුවෙලා සමගියෙන් ඉදිරියට යන ගමනක් සඳහා ආරම්භ වන වර්ෂයක්. එතකොට මේ වර්ෂයේ මං හිතනවා අපේ මහලේකම්තුමියගේ (තලතා අතුකෝරාළ ) වැඩබාරගැනීම ඉතා වැදගත්. එතුමිය පළපුරුද්ද අත්දැකීම් සියලු දෙනා සමග එකට වැඩ කිරීමේ හැකියාව තිබෙන කෙනෙක් හැටියට.