කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇගවීම් නිකුත් කරයි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

දිවයිනේ නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද මිලිමීටර් එකසිය පනහක පමණ තද වැසී ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසී ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ද ඇති විය හැකියි. සුළං හා අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍යය පියවර ගන්නා ලෙස අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක්ද නිකුත් කර තිබේ. බෙංගාල බොක්ක ආශ්‍රිත පීඩන අවපාතය ඒ කෙරෙහි බලපා ඇතැයි අනාවැකි අංශයේ අධ්‍යක්ෂ අජිත් විජයමාන්න මහතා සඳහන් කළා .

අද පෙරවරු අටයි තිහෙන් අවසන් වූ ගෙවුණු පැය විසි හතර තුළ මන්නාරමට මිලිමීටර දෙසිය දොළහයි දශම පහක වර්ෂාපතනයක් ඇද හැලුන අතර එය එම කාලය තුළ ලැබුණු වැඩිම වර්ශාපතනයයි.

මුලතිව්හි අලම්පිලි මන්නාරම පාලම්පෙද්දී සහ කැස්බැව ප්‍රදේශ වලට ද ගත වූ පැය 24 තුල මිලිමීටර 100 ඉක්ම වූ වැසි ඇදහැලී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා . අද හැලුන වැසි සමග සමහර ප්‍රදේශ වල පහත් බිම් රැසක් ජලයෙන් යට වුනා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *