ඩුබායි ගිය මාධවී හෙළිකරන කඳුළු කතාව

ඩුබායි ගිය මාධවී හෙළිකරන කඳුළු කතාව

බණ්ඩාරවෙල සාමචේතිය ගමේ පදිංචි 21 හැවිරිදි මාධවී විශ්වනාදන් නැමැති කාන්තාවක් ඩුබායි සිට මෙරටට ගෙන්වා ගැනීමට හැකි වී තිබෙනවා. අවුරුදු 3 ක සිඟිති දියණියකගේ මවක් වන ඇය ගෘහ සේවය සඳහා ඩුබායි බලා යන්නේ පසුගිය මාර්තු මාසයේ යි. නමුත් මාස 6කට පසුත් ඇගෙන් කිසිදු තොරතුරක් ලැබී. තිබුනේ නැහැ. පසුව රැකියා ඒඡන්සියට රුපියල් ලක්ෂ 3 ක මුදලක් ලබා දී මාධවී මෙරටට ගෙන්වා ගැනීමට ඥාතීන්ට හැකි වී තිබුණා.

“ඩුබායි රටට ගිහිල්ලා මං මාසයක් හිටියා. ඒහේ වැඩට දැම්මා එක ගෙදරක. මං කිවුවා මගේ පඩිය දෙන්න කියලා ගෙදරට යවන්න. මට ගැහුවා යකඩ පොලුවලින්. මට ගහලා මට කෑම දුන්නෙත්නෑ. ලංකාවේ මං ඔරිඡිනල් වීසා බීරෝ ගහලා තමයි ඔයා යවන්නේ බය වෙන්න එපා කියලා තමයි යැව්වේ. උදේටයි හවසටයි කෑම නෑ. රෑට එක කුකීස් එකයි වතුරයි දුන්නේ. පැනලා ගියා ඒ ඩුබායි එම්බසියට. ඩුබායි එම්බසියට ගියාට පස්සේ එම්බසියෙන් කිව්වා එහේ විසිට් වීසා භාර ගන්නේ නෑ කියලා. පාරේ තමයි හිටියේ. මං මාස එකක් පාරේ තමයි හිටියේ. ඊට පස්සේ ඩුබායි පොලීසිය මාව අල්ලගත්තා. මාස 6 යි නේ හිරේ හිටියේ. මේ ඔක්කොම කපලා. කෙල්ලෙක්ව රේප් කරලා. ඒසී එක වැඩි කරලා කාමරේ ලොක් කරලා. එයත් මැරිලා ගිහිල්ලා. මට ගහලා උඩ තට්ටුවේ ගිහිල්ලා මං මැරෙන්න හිටියේ. එතකොට කිව්වා මං කෑල්ලක්වත් යවන් නෑ ලංකාවට ඔයාගේ බොඩි එකේ කිව්වා. සර් එක කෙල්ලෙක්ට ගහලා එයා මැරිලද දන්නේ නෑ එයා ඒසී රූම් එකක් දාලා හිටියේ මුකුත් ඇදුම් නෑ. එහෙමම දාලා.. අර ෂොපින් බෑග් තියෙනවා නේ.. බ්ලැක් කලර් ෂොපින් බෑග් එකක දාලා ඔතලා එයාව ගෙනිච්චා. කොහෙද කියලා දන්නේ නෑ. එතකොට අපි බයේ හිටියා. මුකුත් කරන්නත් බෑ. අපි වීඩියෝ අරගත්තා. ඒ වීඩියෝ එක ෆෝන් එක කඩලා දැම්මා මගේ ඒ ඒඡන්සිකාරයා. විසිට් වීසා එකේ ඩුබායි යන්න එපා. කවුරුත් යන්න එපා. ඔරිඡිනල් වීසා එකේ යන්න.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *