ඩිජිටල් හැඳුනුම්පත ගැන භයානක අනතුරු ඇඟවීමක්

ඩිජිටල් හැඳුනුම්පත

මේ ඩිජිටල් හැඳුනුම්පත සම්බන්ධ සාකච්ඡාව නැවත තලයකින් ඇවිල්ල තියෙනවා. ඒ තමයි අනුර දිසානායක ජනාධිපතිතුමා ඉන්දියානු සංචාරයත් එක්ක නැවත ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කරන්න තීරණයක් අරන් තියෙනවා කියලා ගත්ත තීරණෙත් එක්ක. කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපි මේකට යම් විරුද්ධත්වයක් තියෙන්නෙ මේ තාක්ෂණයට අකැමති නිසා කියලා. නෑ ඇත්තටම ඒක එහෙම නෙමෙයි. ජීව දත්ත කියලා කියන්නේ පුද්ගලයෙක්ගේ ජීවිත හා සම්බන්ධ තොරතුරු. උපත , රැකියාව,වයස ඒ වගේ දේවල්. එතකොට දැනට අපේ තියෙන හැඳුනුම්පත නිකුත් කරල තියෙන මෙන්න මේ ජීවදත්තත් එක්ක. එතකොට මේ ජෛවමිතික දත්ත වලට ඇතුල් වෙනවා කළු ඉන්ගිරියාව, DNA , ඇඟිලි සලකුණු , කටහඩ ,නාසය , කන , කනේ හැඩය, ශරීර සුවඳ ඒවගේම ඇවිදින විදිය , අත් අකුරු කියන මේ සියල්ලක්ම ඇතුළත් වෙනවා.

දැන් අපිට තියෙන ප්‍රශ්නය තමයි ඇයි අපේ ඩීඑන්ඒ එක අපේ අත්අකුරු අපි ඇවිදින විදිය අපේ ඇඟිලි සලකුණු ටික අපේ කළුයින්ගිරියාව තියෙන විදිය අපේ කනේ හැඩේ තියෙන විදිය නිකුත් කරන ඩිජිටල් හැඳුනුම්පත ට ඒක අවශ්‍ය වෙන්නේ ඇයි ?. එතකොට ආණ්ඩුවට කියන්න පුළුවන් නැ අපි ඔය කියන ඔක්කොම ටික ගන්නේ නෑ මෛත්‍රිපාල සිරිසේන කියපු ජෛවමිතික දත්ත 76ම ගන්නෙ නෑ. අපි ගන්නේ හයයි කියලා. හැබැයි ඒ හය ඇතුලෙ තියෙනවා කටහඬ ඒ හය ඇතුලෙ තියෙනවා ඇහේ කළු ඉන්ගිරියාව ඒ හය ඇතුලෙ තියෙනවා ඇඟිලි සලකුණු.

දැන් මේ ඉන්දියාව අපිට මේක දෙන්නේ මාර ආදරේටද නෑ. ඩිජිටල් හැඳුනුම්පත ව්‍යාපෘතිය සිදුකිරීම සඳහා රුපියල් බිලියන හතළිස් එකක් වියදම් වෙනවා. එතකොට මේ රුපියල් බිලියන 41න් රුපියල් බිලියන විසි දෙකක් ඉන්දියාව දෙනවා . අපිට අහන්න තියෙනනේ ඉන්දියාව අපිට මේ තරං ආදරයක් ?. මේකේ තියෙන්නේ අපේ තොරතුරු එකතු කරගැනීම සඳහා වූ අවශ්‍යතාව ඉන්දියාවට තියෙනවා. ඉන්දියාවේ ජනතාවගේත් මේ ඩිජිටල් හැඳුනුම්පත සඳහා ජෛවමිතික දත්ත එකතු කරා. ඒ එකතු කරපු දත්ත පද්ධතිය ඩාර්ක් වෙබ් එකට ඇතුළු වුනා . එහෙම නැත්නම් මේ දත්ත පද්ධතිය වෙන සමාගම් වලට විකුණලා හැකර්ස්ලා හරහා පාවිච්චි කරලා ඉන්දියාවෙත් මේ තොරතුරු පිට කිරීම සම්බන්ධ චෝදනා තියෙනවා 2018.

දැන් ඉන්දියාවෙ එකතු කරගත්ත දත්ත ටිකවත් පරිස්සම් කර ගන්න බැරි ඉන්දියාවට අපි දෙනවා ලංකාවෙ සියලු ජනතාවගේ දත්ත ටික එකතු කරලා ඔක්කොම ටික මෙන්න තියාගන්න කියලා. අපි හිතනවා ඒක බරපතළ තත්ත්වයක්. දැන් ඔබ හිතන්න ඔබ ආණ්ඩුවට හරි රජයට හරි පොලිසියට හරි කරදරකාරී කෙනෙක් නම් ඔබ දේශපාලන ක්‍රියාදරයෙක් නම් ඔබ මේ රටේ දේශපාලනයට අභියෝග කරන කෙනෙක් නම් ඔබ මේකට විරුද්ධව කතා කරන මාධ්‍යවේදියෙක් නම් ඔවුන්ට ඔබව ඝාතනය කරන්න ඕන නැහැ .

ඔබගේ තොරතුරු ටික ඩිජිටල් හැඳුනුම්පත හරහා රජය සතුව තියෙනවා. ඒ ටිකේ ඇඟිලි සලකුණු ටිකේ ඉඳලා සියල්ල තියෙනව. කොහේ හරි වෙන සිදුවීමකට ඔබේ ඇඟිලි සලකුණු ටික දාන්න විතරයි තියෙන්නේ. වෙනදා පොලිසිය කරේ අතින් බඩු දාල කට්ටිය හිරේ දාපු එක. දැන් වෙන්නේ කොහේ හරි වෙන මරණයකට වෙඩිතැබීමකට අනවශ්‍යම මාධ්‍යවේදියෙක් ඉන්නවනම් දේශපාලන ක්‍රියාදරයෙක් ඉන්නවනම් මෙයාගේ ඇඟිලි සලකුණු ටික එතෙන්ට දාන්න විතරයි තියෙන්නේ. නඩු මඟට අපි යනවා. අවශ්‍ය නම් මේ සඳහා මහ පාරේ ක්‍රියාමාර්ග අපි ඉදිරියේදී ජනතාවත් එක්ක ගන්නවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *